Tuesday 18 May 2010

ඔන්න මට සුබ ලකුණක් වගේ :-P

පෙරේදා වැස්සට තෙමුණා. අද උදේ උගුරෙ පොඩි අමාරුවකුත් ආවා. ඔන්න දැන් ඒක ටික ටික වැඩිවෙලා. හෙම්බිරිස්සාවකින් නවතින පාටකුත් නෑ. උණත් ගන්න වගේ. කාලෙකට පස්සෙ මං හරිම වාසනාවන්තයි. පොඩි කාලෙනම් මේවයින් අඩුවක් නෑ.

මට පිස්සු හැදීගෙන එනවදෝ කියලත් හිතෙනවත් ඇති :-P නැහැ මං මේ කියන්නෙ ඇත්තමයි. ඔන්න අම්ම මට වෙනදටත් වඩා සළකනවා. ඇල්වතුර ගෑවෙන්නවත් එපාලු. උණු වතුරම පාවිච්චි කරන්නලු. උණුවෙන්ම කන්නලු. මොනවද කන්න ඕනි කියලත් අහනවා. බිස්කට් පිරිච්ච ටින් එකකුත් දීල ඒකත් තියාගෙන තනියම කන්නලු. ඒත් තනියමනම් කන්න හිතෙන්නෙ නෑ. අයියටයි මල්ලිටයි තියන්නෝනි.

කොහොමහරි දැන් අම්මගෙ අවධානෙ මට වැඩිපුර ලැබෙනවා. හ්ම්ම්ම්.... මේ වගේ දින වැඩි වැඩියෙන් ලැබේවා!








1 comment:

  1. එහෙනම් උණ වැඩි වී නිව්මෝනියාව හැදී ඉතාම අසාධ්‍ය වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා. එවිට වැඩි වැඩියෙන් හැමෝගේම අවධානය හිමි වේවි!!!!

    ReplyDelete