Tuesday 26 October 2010

අපි ඇත්තටම ආදරේ

හැබැයි හැමෝම මෙහෙම නැහැ සමහර අය විතරයි

පුංචිම කාලේ ආදරෙන් රැකබලාගන්න අම්මලා තාත්තලට වඩා මොනා හරි ගෙන්ත් දීලා ටික වෙලාවකට නලවලා යන්න පවුලේ නැදෑ හිතවතුන්ට ආදරේ කරනවා.

ඊට කාලෙකට පස්සේ ඉඳන් දෙමව්පියන්ට, පවුලේ සහෝදර සහෝදරියන්ට වඩා කොහේවත් ඉන්න කෙල්ලෙක්ට නැත්නම් කොල්ලෙක්ට ආදරේ කරනවා. ඒ කරන්නෙත් තමන්ට කැමති කෙනෙක්ට නෙමෙයි තමන්ව සත පහකට ගනන් ගන්නෙ නැති කෙනෙක්ට තමා.

කසාද බැඳපු කාලෙක් නැත්නම් පෙම්වතියක් ඉන්න කාලෙක තමන්ගේ බිරිඳට නැත්නම් පෙම්වතියට වඩා වෙන කාගේ හරි බිරිඳකට නැත්නම් පෙම්වතියකට ආදරේ කරනවා. ඒ කෙනා ඉන්නේ ලාබ ප්‍රයෝජන සඳහා විතරක්ම වෙන්න පුළුවන් ඒත් ඒත් රැවටිලා ඒ මත්තෙම නැහෙනවා.

වයසට ගියාම තමන්ව තනිකරලා ඒ අයගේ ජීවිත ගත කරනන් වෙන් වෙලා යන, බැරි කාලෙක බලන්නේ වත් නැති දරුවන්ට ආදරේ කරනවා.

ආදර කියනේ මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැතුව දෙන දෙයක් කියනවා නේ ඒ අතින් බැලුවම අපි හරියට ආදරේ කරනවා. අපි හැම වෙලේම ලේසියෙන් ලැබෙන දේවල් වලට වඩා නොලැබෙන දේවල් වලට කැමති නිසාද මෙහෙම වෙන්නේ???

අපිව පොඩ්ඩක් වත් ගනන් ගන්නේ නැති කෙනෙක්ට ගොඩක් ආදරේ කරලා හිතට දුකක් දැනුනම තමා තේරෙන්නේ අපි නොසලකා හිටපු අය අපිට කොච්චර ආදරේ කරලද කියලා....

ඇත්තටම අපි ආදරේ, අපිට ආදරේ අයටද???

Monday 25 October 2010

ලොකුම තරහාකාරයා

මේ ලොකේ ඉන්න අනික් හැමෝම තමන්ට අනතුරක් කරන්න ඉන්නේ කියලා හිතාගෙන ඉන්න මානසික රොගයකින් පෙළෙන අය ඇරුනම අනික් හැමෝගෙම වගේ ලොකුම තරහාකාරයා කලින් තමන්ගේ හිටපු ලඟම හිතවතා කියලා මටනම් හිතෙන්නේ.

ජීවිතේම එකට ඉන්න හිතාගෙන ඉන්න පෙම්වතුන් විරසක උනාම ලොකුම තරහා කාරයෝ වෙන්නේ කලින් ආදරෙන් හිටිය අයද කියලා හිතා ගන්නත් බැරි විදිහට. එක පවුලේ සහෝදර සහෝදරියන් හොඳම යාළු මිත්‍රයෝ දෙමව්පියෝ දූ දරුවන්. මේ අය හරිනම් අනික් අයත් ආදර්ශයක් වෙන විදිහට එකිනෙකා බැඳී ඉන්න ඕනේ ඒත් වෙන්නේ ඕකේ අනික් පැත්ත.

ගොඩක් සමීප උනාම අපිට අනිකාගේ වැරදි වැඩිපුර පේනවද? ඒත් එයා එක්ක තියෙන සම්බඳතාවයේ ප්‍රමානය මත අපිට ඒක ඉවසන්න බැරිද? පාරේ යන ගැනු මිනිස්සු එක්ක රණ්ඩු නොවුනට එක ගෙදර අය කොච්චර ගහබැන ගන්නවද?

මිතුරන් හතුරන් උනාම නිකන් හතුරන්ටත් වඩා දරුණු වෙනවා මොකද එයාලා අපි ගැන දන්න නිසා, ඒ දන්න දේවල් පවා අපිට එරෙහිව යොදා ගන්න නිසා. පෙම්වතුන් තරහා උනාම තමන්ගේ පෙම්වතියට නින්දා අපහාස කරන පෙම්වතුන් කොච්චර පහත් විදිහේ වැඩ කරන්වද?

සැබැවිනම් සිදුවිය යුත්තේ මේයද? අඩුම ගානේ අපිට බැරිද ඒ අයට සමාව දෙන්න ඒයාලට අපි දවසක් හරි ආදරේ කලා, අපි එයාලා එක්ක එකට හිටියා, එයාලා මගේ පවුලේ අය කියලාවත්?? මේක මෙහෙම වෙන හැටි තමා මට හිතා ගන්න බැරි.

Tuesday 21 September 2010

අපි කාටද බය

"මියගිය රියදුරා නොසැලකිල්ලෙන් රියපදවා 10කට මරු කැඳවයි"
"කන්නත අසලින් ගිය තරුණියට මියගිය තරුණයන්ගෙන් අතවර"
"මියගිය සොරු රැලක් ගෙයක් බිඳ කෝටියක මුදල් පැහැරගනී"
"මියගිය ත්‍රස්ථවාදියාගෙන් මරාගෙන මැරෙන ප්‍රහාරයක්"
"මියගිය පොලිස් කොස්තාපල් අල්ලස් ගනී"
"මියගිය පාතාල නායකයා මිනීමරයි"
"මෝචරියේ තිබූ මළ මිනියගෙන් රොගී තරුණියකට අතවර"

මේ වගේ ප්‍රවෘත්තියක් අපි කාටවත් ජීවිතේට දකින්න ලැබිලා ඇති කියලා මන් නම් හිතන්නේ නැහැ ඒත් ඔය හැම එකම අපි හැමදාම පත්තර වල දකිනවා පොඩි වෙනසකුත් එක්ක. ඒ වෙනස තමයි මියගිය කියන කොටස නැතුව. ඔය වගේ මෙකී නොකී සියළු අපරාධ කරන්නේ මියගිය නැත්නම් මැරුන අය නම් නෙමෙයි පණ තියෙන අය.

ඒත් අපි බය මැරුණ මිනිස්සුන්ට. අපි කාටවත් කිසිම කරදරයක් කරන්නේ නැති මැරුණ අයට, පණ තියෙන මිනිස්සු බයයි. පණ තියෙන මිනිස්සුන්ට කරදර කරන පණ තියෙන මිනිස්සුන්ට කවුරුත් බය නැහැ.

දෙනෝදාහක් දෙනා ගැවසෙන නගරයක් මැද්දෙන් යන්න කවුරුත් බය නැහැ ඒත් ඒ යද්දි බෝම්බයකට, ගුටි ප්‍රහාරයකට, සොරකමකට නැත්නම් වෙන ඕනෑම කරදරයකට ලක් වෙන්න පුළුවන් ඒත් අපි යන්න බය නැහැ. ඒත් මළමිනී දාහක් තියා එකක් දෙකක් තියෙන තැනකට යන්න කවුරුත් ටිකක් විතර බයයි.

රෑට කනත්තක් මැද්දෙන් යන ගෑනු ලමයෙක්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ ඒත් රෑට තියා දවල්ට උනත් ගෑනු ලමයෙක්ට කරදරයක් නැතුව සෙනඟ ඉන්න බස් එකක යන්න බැහැ. පණ තියෙන මිනිස්සු මැරිච්ච අයටත් වඩා අන්ත ද?

හැබෑටම බය වෙන්න ඕනේ මළ මිනිස්සුන්ටද පණ තියෙන මිනිස්සුන්ටද????

Saturday 14 August 2010

ඇයි කෙල්ලන්ට විතරක්

ලියන්න හිතුනේ, ඉස්කොලේ වාර අවසාන දිනයක කාන්තා පාසැලක ලමුන් පිරිසක් නටමින් ඉන්න වීඩියෝ එකක් දැකලා. එකේ නටන්නේ කෙල්ලෝ එක නිසා ඒක චාටර් හැබැයි ඕකම කොල්ලෝ නැටුවනම් අන්න නියම සිරා පොරවල් ටිකක් වෙනවා. මීට කලින් ඔය වගේම වීඩියෝ එකක් දැක්කා ගෑනු ලමයි දෙන්නෙක් නටන ඒකත් චාටර් හැබැයි ඒකම කොල්ලො දෙන්නෙක් නැටුවනම්  ආන්න ෆුල් සිරා ඩාන්ස් එකක්. තව පින්තූරයක් තිබුනා ඉස්කොලේ යන ගෑනු ලමයි තුන් දෙනෙක්ගේ, ඒකට තිබ්බ ප්‍රතිචාර නැහැදිච්ච කෙල්ලෝ. අනේ  ඒකත් කොල්ලෝ තුන්දෙනෙක් උනා නම් ෂා නියම ෆොටෝ එක ෆුල් සිරා පොරවල් තුනක්.

මොකද මේ කෙල්ලන්ට විතර. ඇයි කෙල්ලෝ කලාම චාටර් එකම කොල්ලෝ කලාම සිරා වෙන්නේ.

කෙල්ලෙක් කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක යාළු උනොත් ඒකි බඩුව. ඒත් කොල්ලෙක් එහෙම කලාම ඌ සිරා පොර වෙනවා. ගෑනියෙක් මිනිස්සු දෙතුන් දෙනෙක් එක්ක ගියාම එකි වල් ගෑනි හැබැයි එහෙම යන මිනිහා වැඩ කාරයෙක්. මිනිහෙක් තමන්ගේ ගෑනි ඉන්නකොට වෙන ගෑනියෙක් එක්ක ගියොත් ඒක ගෑනිගේ වැරැද්ද. ගෑනියෙක් එහෙම ගියොත් ඒ ගෑනිගේ වල් කම.

වල් කියන වචනේ ස්ත්‍රීලිංගික විශේෂණ පදයක්ද?

කුණු හරප ගත්තත් ගොඩක් ඒවා ස්ත්‍රී ලිංගිකයි ඒවාට පුරුෂ ලිංගික පද නැති තරම්. ඕකට නම් මට කෙනෙක් කිව්වේ ඒ වචන හදලා තියෙන්නේ පිරිමි නිසා කියලා. ඒක ගැන නම් මන් දන්නේ නැහැ මොකෝ මන් ඉපදෙනකොටත් ඔය වචන තිබ්බ නිසා.

මිනිස්සු ගොඩක් එක්ක යන ගෑනිට "වේසි" කිව්වට ගෑනු ගොඩක් එක්ක යන මිනිහට කියන්න අපහාසාත්මක වචනයක් මන් අහලා නැහැ. ඒ වගේම මිනිස්සුන්ට ඇඟ විකුනන ගෑනි "ගණිකාව" උනාට ඒ රස්සවම කරන මිනිස්සුන්ට කියන්න "ගණිකාව"ට පුරුෂ ලිංගික පදයක් නැහැ.

ලංකාවේ නීතියත් ඔය වගේ. ගෑනියෙක් තනියම රෑ වෙලා පාරේ හිටියොත් අල්ලන් යනවා අයාලේ ගියා කියලා. හැබැයි පිරිමි රෑ එළි වෙනකම් පාරේ හිටියත් අයාලේ යන්නේ නැහැ. ඇයි අර ගෑනි ඔය යාලේ යන්නේ තනියමද? එතකොට කෝ පිරිමියා. මන් අහලා තියෙන විදිහට ගණිකා මඩම් වලදිත් අල්ලන් යන්නේ එතන ඉන්න ගෑනු ටික විතරයි ඒත් ඒ ගෑනුන්ව ගණිකාවන් කරපු පිරිමි නිදහස් (මේක නම් හරියටම මට ෂුවර් නැහැ )

කාලතුරකින් ඇරෙන්න ගෑනියෙක් වල් වෙන්නේ වේසියෙක් වෙන්නේ එහෙමත් නැත්නම් ගණිකාවක් වෙන්නේ පිරිමි නිසාම තමයි එහෙම පිරිමි නිසා ඒ තත්වෙට පත්වෙන ගෑනුන්ට පිරිමි අපහාස කරන්නේ හරියට "අනේ අපි නම් ඕවට නැහැ වගේ"

"කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ."

Monday 9 August 2010

විචාර හරඹ

මරණෙ හොඳ විෂයකට ප්‍රවේශ වෙලා තියනවා. මටත් මේක ලියන්න හිතුණෙ මරණෙගෙ ලියවිල්ල දැක්කමයි. සාහිත්‍ය කීවම ඉතින් විචාරකයා කියන වචනෙත් ඒ එක්කම බැඳිල තියන දෙයක්. කොහොම වෙතත් අද සාහිත්‍ය විචාරයට වඩා ප්‍රචාරයක් තියන බවනම් පේනවා.

මට හිතෙන්නෙ පාඨකයයි සාහිත්‍ය කෘතියයි අතරෙ දුරස්ථ බව බිඳින්න විචාරකයෙක් ගොඩක් උදව් කරනවා. අපි අලුත් පොතක් ගැන හරි සිනමා පටයක් ගැන හරි දැනගන්නෙ බොහෝ විට ඒ ගැන මාධ්‍ය තුළින් කෙරෙන පූර්ව විචාරයක් නිසයි.

මතවාදී සංවාද ඇතිවිය යුතු දෙයක් වුණත් පුද්ගලික පහර ගැසීම් විචාරකයෙකුට තරම් නොවන දේවල්. සාමාන්‍යයෙන් අපි ගොඩක් කැමතියි අපි කියවපු පොතක් ගැන, බලපු චිත්‍රපටියක් ගැන තවත් කෙනෙකුගේ අදහස් කියවන්න. අද පුවත්පත් මාධ්‍යයෙන් ඒකට හොඳ ඉඩක් දීල තියනවා. කියවන සමාජයක් බිහිකරන්න සාහිත්‍ය විචාරකයෙකුට ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන් බව එකෙන් පේනවා.

ඒත් අද සමහර විචාර පාඨකයා අතරමං කරවන සුළුයි. සමහර සාහිත්‍ය විචාරකයන් පෞද්ගලික හිතවත්කම් මත ආර්ථික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් සමහර කෘති පිළිබඳ විචාර ලියන හැටි පැහැදිලිව පේනව. අනිත් කාරණේ තමයි මරණෙ කීව වගේ පුද්ගලික අමනාපකම් මත නිර්දය විවේචන සිදුකිරීම. මේකෙන් අතරමං වෙන්නෙ පාඨකයයි.

ඔය ඊනියා මතවාද දරමින් අපැහැදිලි චින්තනයන් සමාජගත කරන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවනෙ. සමහර විචාර කියවද්දි අපිට හරි වෙහෙසක් දැනෙනව. හරියට යකඩ කනව වගේ අමාරුයි. සමහර විචාරකයන්ගෙ සංවාද අතරෙ අපි හුදෙකලා වෙනව. තමන් තේරුම් ගත්තත් අනිත් අයට තේරුම් කරන්න නොදැනීමත් සමහර විචාරකයන්ගෙ දුර්වලතාවයක් විදියට මං දකිනව.මට හිතෙන්නෙ කෘතියට වඩා කර්තෘ ඉස්මතු වෙනකොට තමයි මෙහෙම "අවිචාර" සිද්දවෙන්නෙ.

ලියවිල්ල සහ ලියන්නා

ඔය පහුගිය කාලේ පාසැල් වල සාහිත්‍ය කියන විෂය උගන්නන එක නවත්තන්න යනවා කියලා ලොකු කතාබහක් ගියා සාහිත්‍ය ඉගෙන නොගෙන හැදෙන ලමයි නරක් වෙනවා කියන නිසා. එහෙම බැලුවම් සාහිත්‍ය කාරයෝ කියන්නේ හරිම හොඳ මිනිස්සු වෙන්න එපායෑ. මොන තරම් ගල් බේගලයක් ද ඒක. ඉස්සරහට එන සාහිත්‍ය මාසේ තියෙන සම්මාන උළෙලවල් වලින් පස්සේ බලන්න පුළුවන් ඔය සමහර සාහිත්‍ය කාරයන්ගේ තියෙන ගුණ යහපත් කම්.

හැමදාම වගේ සාහිත්‍ය සම්මන උළෙලෙන් පසු දකින්නට ලැබෙන ඊලඟ අංගය වන්නේ සම්මනයට පාත්‍රවූ නිර්මාණ සහ එම නිරමාණකරුවන් පතුරු ගැසීමයි. එයත් සිදු කරනු ලබන්නේ බජාර් එකේ චන්ඩි නොව එවන් සමහර සංවේදී නිර්මාණ කරුවන් විසින්ම වීම සමහර සාහිත්‍ය කරුවන් යනු නරුමයන් පිරිසක්ම බව කියැවෙන  සාධකයකි.

සිනමා, සංගීත, පොත්, පත්තර, නාට්‍ය වගේ ක්ෂේත්‍රව වල තරම් අනික් අයට අන්චි අදින කපා කොටා ගන්න ඉරිසියා කරන පිරිසක් තවත් නැතුව ඇති. සමහර විට නගරේ තියෙන පැල්පත් වාසීන් පවා මීට වඩා සහයෝගයෙන් ඉන්න බව අපිට නම් දකින්න පුළුවන්. තමන්ට වඩා අනිකා කොයියම් ක්‍රමයකින් හරි ඉහලට යනවනම් ඔය සංවේදී නිර්මාණ කරනයේ යෙදෙන සමහර අය බලන්නේ ඒ කෙනාව කොහොමත් බිමට වට්ටලා පාගලා ආයි ජීවිතේට නැගිටින්න බැරි තත්වෙට පත්කරන්නේ කොහොමද කියලා.

ගෝත්‍රිකයන් යනු සමාජයේ ජීවත් වන ශිෂ්ඨ මිනිසුන් තරම් දියුණු නොවූ පිරිසකි, සමහර සාහිත්‍ය කරුවන්ද එවැනිම මිලේච්ඡයන් පිරිසකි. තමන්ගේ ගෝත්‍රයේ උන්ට හුරේ දමන අතරම අනික් ගෝත්‍රිකයන් රාත්‍රී අහාරය සඳහා සුදානම් කරගනී. තමන්ගේ මිලේච්ඡ ක්‍රියාව වසා ගැනීම සඳහා, විචාරයක් හෝ දැනුවත් කිරීමක් හෝ යනුවෙන් බෝඩ් ලෑල්ලක් ද මොවුන් විසින් ගසාගනී.

මන් නම් කියන්නේ ලියවිල්ල සුන්දර වෙන්න වෙන්න ලියන්නා නරුමයෙක් වෙනවා කියලා. මේක ඉතින් 100% හැමෝටම හරියන්නේ නැතුව ඇති ඒත් බහුතරය මෙහෙම වෙන්න ඕනේ. සමහර විට නිරමාණ රසවිඳින පුද්ගලයන් හොඳ වෙනවා ඇති ඒත් නිර්මාණ කරන සමහර අය නම් දවසින් දවස පහලට යන එක වෙනවා ඇත්තේ.

ප්‍රවේසම් වන්න නිරමාණ තරම් සමහර නිරමාණ කරුවන් සුන්දර නැත!!!

Tuesday 8 June 2010

ඇයි අසම්මතයට මේ තරම්

ඊඩ්න් උයනක් ගැන බ්ලොග් එකේ අයිතිකාරයා මොනවා කිව්වත් ඉන්දියාවේ කල්කටාවේ තියෙන ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රිකට් පිට්ටනිය ඇරෙන් වෙන එකක් ගැන මන් නම් දන්නේ නැහැ ඒත් ඔය කියන ආදම් ලා ඊව ලා තහනම් ගහක් ගෙඩි කාපු නිසා මිනිස්සු බිහි උන නිසාම වෙන්න ඇති මේ සමාජයේ මිනිස්සුත් අවසර ඇති ගස් වලට වඩා තහනම් ගස් වල ගෙඩි කන්න වැඩියෙන් කැමති.

තමන්ගේ ගෙදර වත්තේ කර්තකොලොම්බම් අඹ කුණුවෙලා වැටෙනකොට අල්ලපු වත්තේ කොහු අඹ ගහට පොලු ගහලා කඩන ඇඹුල් අඹ දත්හිරිවට්ටගෙන කන්නේ පුදුම පෙරේත කමකින්.....

වැඩියෙන්ම මිහිරියි කියලා හිතෙන ගීත බොහොමයක නොකියා කියන්නේ අසම්මතයේ ඇති රසවත්බව. සම්මත දේවල් වලට වඩා අසම්මත දේවල් එක්ක නිර්මාන බිහිවෙනේ ඒකේ තියෙන උද්වේගකර බව වැඩි නිසා වෙන්න ඕනේ. ගෑණු මිනිස්සු ඒකට ලෝබ කම් කරන්නේ ඒකේ මිහිර වැඩි නිසාද මන් දන්නේ නැහැ. ගීත විතරක් නෙමෙයි රසවත් නිර්මාන, කවි, කතා, චිත්‍රපට, නාට්‍ය මේ මොක උනත් විස්තර කරන්නේ අසම්මතයක් නම් ඒවා මිනිස්සු අතරට යන්නේ පහසුවෙන්.

ලෙඩවෙලා වැටිලා අසරන වෙලා ඉන්න මිනිහා හෝ ගැහැනියගේ ලඟ ඉඳන් සියළුම ආවතේව කරලා , කැත කුණු සෝදන්, කවන පොවන, බේත්හේත් කරන කසාද මිනිහා හරි ගැහැනියට වඩා යන්තම කෙටි පනිවිඩයකින් සුවදුක් විචාරන අනියම් ගැහැනිය හෝ පිරිමියාගේ වචන වලට ලෙඩ වෙච්ච ශරීරයට අළුත් පනක් ගේන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක කාටවත් පැහැදිලි කරන්න පුළුවන්ද මන්දා.

සම්මතය තුල මියයමින් ජීවත් වෙන ගැහැනු මිනිස්සු අසම්මතය තුල හුස්ම ගන්නේ අළුත් ජීවිතයක බලාපොරොත්තු එක්ක මේක හරිම පුදුම ලෝකයක්.....

Tuesday 18 May 2010

ඔන්න මට සුබ ලකුණක් වගේ :-P

පෙරේදා වැස්සට තෙමුණා. අද උදේ උගුරෙ පොඩි අමාරුවකුත් ආවා. ඔන්න දැන් ඒක ටික ටික වැඩිවෙලා. හෙම්බිරිස්සාවකින් නවතින පාටකුත් නෑ. උණත් ගන්න වගේ. කාලෙකට පස්සෙ මං හරිම වාසනාවන්තයි. පොඩි කාලෙනම් මේවයින් අඩුවක් නෑ.

මට පිස්සු හැදීගෙන එනවදෝ කියලත් හිතෙනවත් ඇති :-P නැහැ මං මේ කියන්නෙ ඇත්තමයි. ඔන්න අම්ම මට වෙනදටත් වඩා සළකනවා. ඇල්වතුර ගෑවෙන්නවත් එපාලු. උණු වතුරම පාවිච්චි කරන්නලු. උණුවෙන්ම කන්නලු. මොනවද කන්න ඕනි කියලත් අහනවා. බිස්කට් පිරිච්ච ටින් එකකුත් දීල ඒකත් තියාගෙන තනියම කන්නලු. ඒත් තනියමනම් කන්න හිතෙන්නෙ නෑ. අයියටයි මල්ලිටයි තියන්නෝනි.

කොහොමහරි දැන් අම්මගෙ අවධානෙ මට වැඩිපුර ලැබෙනවා. හ්ම්ම්ම්.... මේ වගේ දින වැඩි වැඩියෙන් ලැබේවා!








Sunday 16 May 2010

මරණයට පෙර...

මරණයට පෙර කිව්වෙ මං මැරෙන්න කළින් කියන එකනම් නෙමෙයි. ඒ කිව්වෙ අර " මගේ මරණය " නමැත්තා අන්න එයාට කළින් ඊඩ්න් උයනෙ සටහනක් තියන්න මට ඕනි වුණා :-] ඔය මරණය නැමැත්තා හැමෝටම උපදෙස් දිදී හවුලෙ බ්ලොග් ලියන්නත් යෝජනා දාල මෙතන දැන් තනියම මැරිලද කොහෙද.


කාරි නෑ. ඒක වෙනම කතාවක්. මං කියන්නෙ මෙච්චරයි. ඕනෑම තැනක මම හැදෙන්නෙ අනෙකා මඟින්. අනෙකාගේ ඇසින් අපි අපි දෙස බලනවා. නැත්නම් මම මාව බලාගන්න වෙන කෙනෙක්ව භාවිතා කරනවා. ඒකනම් මාරයි. හිතල බලන්නකෝ අපි මේ සමාජයේ ජීවත්වෙනකොට එහෙම වෙනව නේද කියලා :-]
(මේක ගැන වැඩිය හිතල ඔළුව කුරුවල් කරගන්න යන්න ඕනි නෑ. ඔය ඉන්න හැටියකට ඉන්න :-P )

කොහොමහරි මට කියන්නම ඕනි මේකයි. අද උදේ මං රොටීත් එක්ක ලුණුමිරිස් කෑවා :-P ඒක මං ආශ්වාදයෙන් මතක් කරන්න කැමතියි...









Saturday 15 May 2010

ඊඩ්න් උයන සහ ආදම් කිරි අත්තා

ඊඩ්න් උයන-ඒක තමයි මගේ බ්ලොග් එක.

අපි අහලා තියෙන ඊඩ්න් උද්යානය කල්පිතයක් වුනත් මන් ඒකට ගොඩක් කෑමතියි.මොකද දෑන් අපි ඉන්නෙත් ඒ කල්පිත බුමියට සමාන ඊඩ්න් උයනක නිසා.මොනවා වුනත් ඊඩ්න් උයන තමයි විප්ලවයේ නිජබිම.,අකීකරුකමේ නිජබිම.ප්‍රේමයේ සහ ස්වාදීනත්වයේ නිජබිම.


ඊඩ්න් හි පාලකයා සර්වබලදරී දෙවියන් වහන්සේ.එයගේ කෑමෑත්ත නීතිය වුනා.ඒත්,දෙවියන්ට අකීකරුව තමන්ගේ අබිමතය පරිදි නිදහසේ දිවි ගෙවිය හෑකි ඊඩ්න් උයනක් හදා ගන්න ආදම් එක්ක ඒව දඩි තීරනයක් ගන්නවා.ඒ වෙනුවෙන් තමන්ගේ පාරිසුද්දත්වය සහ අමරනීයත්වය කෑප කරනවා.ශුද්දවන්තයගේ බූමිකවේ සිට පව්කාරයාගේ බූමිකාව තෙක් පසු බහිනවා.විශේශත්වය තමයි දෙවියන්ගේ පලවෙනි මිනිස් නිර්මානයම දෙවියන්ට අකීකරු වෙන එක.ඒක නිකම්ම නිකම් රාගයෙන් මත් වීමක් විදිහට ගත්තොත් නම් ආදම් නීචයෙක් විදිහ්ට පෙනෙයි.එහෙම නෑත්නම්,කෑ හෑකි සහ නොහෑකි ලෙස බෙදා වෙන් කරමින් ආදම්ලගේ නිදහස අහිමි කල වාරන උද්යානයක් තුල අකීකරු වුනු ආදම්ල චරිත විදිහට පෙනේවි.


පුද්ගල නිදහස අගයන සමාජයක්,වාරනයෙන් තොර ඊඩ්න් උයනක්

ඒ වෙනුවෙන් මුල්ම කෑපකිරීම කරපු අපේ ආදම් කිරි අත්තට ජය වේවා.අපි වගේ අපත පෑටව් ටිකකින් පිරුනු ලොඅකයක් බිහි කරන්න මුල්ගල තියපු ඒව කිරි අම්මෙ ඔබටත් ජය.

මේ පුරාවුර්තේ වෑදගත්ම දේ තමයි නිර්බීතකම හ ස්ව්දීනත්වය.
අපි අද ඉදල 3 දෙනෙක් මේ බ්ලොග් එකේ ලියනව.ඒ මගේ මරනය හ මගේ ජීවිතය.ඊඩ්න් උයනේ මුලින්ම තිබුනේ මරනයෙන් තොර අමරනීයත්වයක්.ඒත් අපෙ ඊඩ්න් උයනේ මරනයත්, ජීවිතයත් දෙකම එක්ක අත් වෑල් බෑදගෙන යනව.ඒ වගේම වරනයෙන්ද තොරයි.


එන්න මෙහි පල බුදින්න තහනම් නෑත.

Friday 14 May 2010

එන්න මෙහි පල බුදින්න තහනම් නෑත.

මේ මාගේ ප්‍රතම සටහනයි.



මම ගොඩක් අයගෙ බ්ලොග් කියෙව්වා.ඒත් මටත් එකක් හදා ගන්නේ කොහොමද කියන එක මට තේරුනේ නෑ.කොහොම වුනත් මගෙ මරනයයි,මගෙ ජීවිතයයි නොවෙන්න මට මේ වෑඩේ කවදාකවත් කර ගන්න බෑරි වෙනවා.මගේ ජීවිත්ය කියන්නේ කොහොමත් මගේ ජීවිතයේ පුරුකක්.මගෙ මරනය සුපිරි පන්තියෙ යලුවෙක්,ඒ නිසා එයලත් මගෙ මේ බ්ලොග් එකේ දිගටම ලියවි.


එන්න මෙහි පල බුදින්න තහනම් නෑත.

Wednesday 12 May 2010