සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතා පොතක් තමා ප්‍රේම පුරාණය කියන්නේ ඒත් මට නම් ඒක කෙටිකතා තියෙන නවකතා පොතක්. මේක මන් කී සැරයක් කියවලා තියෙනවද කියලා මට මතක නැහැ මේ දවස් වල ආයි කියවනවා. එකිනෙකට වෙනස් ප්‍රේමයන් ගැන කතා කීපයක්ම ඒ පොතේ තියෙනවා. පළවෙනි කතාව කියවද්දි මට හිතිච්ච දෙයක්.
අපි ආදරේ කරන කෙනාගේ ජීවිතේ අපිට අයිති දෙයක් ද? එතකොට එයාට කියලා ජීවිතයක් නැද්ද? තමන්ගේ ජීවිතය අහිමි කරගැනීම අනෙකා වෙනුවෙන් කැපකිරීම කියලා හඳුන්වන්න පුළුවන්ද? තමන්ට තමන් අහිමි උනාම තව කෙනෙක් වෙනුවෙන් ආදරයක් හිතේ ඇතිවෙයිද?
අපි හැමෝම තනිකඩව ඉන්නකොට අසීමිත නිදහසක් බුක්ති විඳිනවා. වැඩිහිටියන්ගේ පාලනය යටතේ උනත් තමන්ට තමන් වෙනුවෙන් ජීවිතයක් තියෙනවා. ඒත් ඔය නිදහස තව කෙනෙක් සමග සම්බන්දයක් ඇති උන ගමන් නැති වෙලා යනවා. එතකොට අපි හදන්නේ අනෙකාව අපේ කරගන්න. එතනදි වෙන්නේ අනික් කෙනාගේ ජීවිතය නැති වීම කියලා මම නම් හිතන්නේ.
පිරිමියා නම් වැඩියෙන් ගහැනිය පාලනය කරන්න හදනවා. ගැහැනියත් පිරිමියාව යම්තාක් දුරට පාලනය කරන්න හදනවා. දෙදෙනෙක් අතර සම්බන්දයක් ඇති උන පලියටම අනෙකාව පාලනය කරන්න අයිතියක් ලැබෙනවද? ආදරය කියන්නේ අයිති කරගැනීමද?
මට තේරුන විදිහට නම් පොඩි කාලේ ඉඳන් ආදරේ කලත් අවුරුදු ගානකට පස්සේ හම්බ උන රවී ගැන නිර්මලාගේ හිතේ තිබ්බ ආදරේ රවී, නිර්මලාව පාලනය කරන්න ගිය නිසා නැති උනා. ආදරේට වඩා මිනිස්සුන්ට නිදහස වටිනවද මන්දා
ප්‍රේම පුරාණය ගැන මෙතනත් තියෙනවා
Showing posts with label අනං මනං. Show all posts

Sunday, 20 March 2011
Saturday, 12 March 2011
අළුත් සල්ලි
මේ දවස් වල ආපහු අලුතින් සල්ලි කොළ ගහලා 1000 විතරක් නෙමෙයි 2000 කොලේ වෙනුවට 5000 කොළේකුත් ගහලා. මන් නම් තාම 5000 කොළයක් ඇහැට දැක්කේ නැහැ. ලොකු කොළ ගැහුවා වගේ නෙමෙයි ඉතින් ඕවා මාරු කරගන්න ගියාම තමා වැඩේ. දැනුත් 1000ක් 2000ක් මාරු කරගන්නේ බොහොම අමාරුවෙන් ඉතින් 5000ක් ගැන මොන කතාද. ෂෙඩ් එකයි බාර් එකයි විතරයි තියෙන්නේ ඕක මාරු කරගන්න ඒත් 5000ක් නිසා ඒ දෙකෙනුත් ඕක මාරු කරගන්න ලේසි වෙන එකක් නැහැ.
අළුතින් සල්ලි , කාසි ගැහුවම හැමෝම ආසයි ඔය අළුත් සල්ලි තියා ගන්න. අළුත්ම අළුත් නේ. මුලදි වැඩිය දකින්නත් නැහැ . ඉඳලා හිටලා තමයි හම්බ වෙන්නේත්. ඒ කාලේට අර පරණ සල්ලි කොළ ගැන එච්චර තැකීමක් නැහැ. අළුත් කොල තියාගෙන පුළුවන් තරම් පරණ කොළ තමා වියදම් කරන්නේ. ඒත් ටික දවසක් ගියාම අළුත් කොළත් පරණ වෙනවා.
හැමතැනම අළුත් සල්ලි තියෙන්න ගත්තාම ඒවා ගැන තිබ්බ උනන්දුව අඩු වෙනවා. අළුත් සල්ලිත් පරණ වෙනවා . ඔන්න ඔයා කාලෙට අර පරණ සල්ලි කොළයක් හම්බ උනාම හරි වටිනවා. ඒවා පරිස්සම් කරනවා. හොයන්වා. පරිස්සමට තියා ගන්නවා. එතකොට අළුත් කොළ ගැන මුලදි තිබ්බ තරම් උන්නන්දුවක් නැහැ. පරණ සල්ලි තමා වටින්නේ. ඔය හැම කොලේකම අගේ නම් ඒකයි කාලෙන් කාලෙට වෙනස් විදිහට සැලකුවට
අපේ ජීවිත වල සමහර පුද්ගල සම්බඳාතාත් මේ වගෙද මන්දා, එච්චරයි මට හිතුනේ නම්.
ඡායාරූපය මෙතනින්
Saturday, 5 March 2011
අපි දිනුම්
1996 ලංකාවේ කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය දින්නා. ඕක දින්න කියලා අපිට මොනාද ලැබුනේ. සෙල්ලම් කරපු ක්‍රීඩකයන්ට සල්ලි ලැබුනා සමහර අයට වාහන ලැබුනා. හැබැයි ඒ ලැබුන දේවල් සේරම ලැබුනේ ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමට සහ ඒ ආශ්‍රිතව කටයුතු කරන අයට. රටට මොනාද ලැබුනේ කීර්තියක් ලැබුනා වගේ දේවල් කියයි. සමහර විට මන් නොදැනුවත්ම ලැබුන දේවල් ඇති ඒත් හැබෑටම අපිට මොනාද ලැබුනේ . සමහර විට මාසේ අන්තිමට වෙනදට වඩා වැඩි ලයිට් බිලක් ඒ ඇරුනම වෙන මොනා ලැබුන්ද මන් දන්නේ නැහැ.
බොන එක ගැන සමහරු අහනවා බීලා ලැබෙන්නේ මොනාද කියලා. බොන අය කියන්නේ බිව්වම ජොලි කියලා. එතකොට නොබොන කෙනෙක් කියනවා බීමේ ආදීනව ගැන, තේරුමක් නැති එක ගැන. වෙන හානි ගැන. එතකොට අපි බොන එකෙන් රටට ලැබෙන දේවල්. බොන අය කියන්වා විශාල වශයෙන් බදු ආදායමක් ලැබෙනවා කියලා. නොබොන අය කියන්නේ ඒ සල්ලි බොන අයගේ ලෙඩ හොඳ කරනන් වැය වෙනවා කියලා.
මේ පාර ක්‍රිකට් ලෝක කුසලානය කියන එක වෙනදට වඩා ගොඩක් විකිනෙන දෙයක්. රේඩියෝ ටීවී පත්තර වගේ ජනමාධ්‍ය වලට මේක සල්ලි උල්පතක් වෙලා. ක්‍රිකට් ගහන අයට කොහොමත් සල්ලි ලැබෙනවනේ. ඒ ඇරුනම පත්තර වල පිටු පුරෝලා ටීවී ගැන දැන්වීම් වලින්. ලක්ෂ ගනන් ටීවී, ගෙවන්නත් ගන්න පුළුවන්.
හැබෑටම ඔය ක්‍රිකට් මැච් බැලිල්ලෙන් අපිට මොනාද ලැබෙන්නේ. සමහර විට වැඩිපුර ලයිට් බිලක්, ගෙවන්න ටිවී ගත්තා නම් ඊලඟ වල්ඩ් කප් එක වෙනකන් ගෙව ගෙවා ඉන්න බිලක්, තව ටීවී චැනල් එකත් සල්ලි වලට ගත්තා නම් ඒකටත් බිල. ඕවා ඇරුනම වෙන මොකුත් ලැබිලා තියේද කියලා නම් මන් දන්නේ නැහැ
අරක්කු බීම් සහ ක්‍රිකට් සසඳන්න නෙමෙයි හැදුවේ වෙන දෙයක් කියන්න.
ඡායාරූපය මෙතනින්
Sunday, 23 January 2011
කේන්දරය
ලංකාවේ ඉන්න සිංහල බෞද්ධයන්ට තියෙන වටිනාම ලියවිල්ල මේක තමා. අනික් ආගම් වල අය ගැන මන් වැඩිය දන්නේ නැහැ ඒත් අපේ අයට නම් කේන්දරේ තරම් වැදගත් ලියවිල්ලක් නැතුව ඇති ඉපදිච්ච ගමන් වෙලාවට අනුව හදනවා කේන්දරයක්, සමහර වෙලාවට වෙලාවක් බලාලා උපද්දවන එකත් සමහරු කරනවාලු. ඊලඟට නමක් දාන එක මොකෝ නමක් නැත්නම් ඒ ඉපදිච්ච ප්‍රාණියට ජීවත් වෙන්න වැඩපල කරගන්න විදිහක් නැති නිසා.
ඊට පස්සේ මිනිස්සු ගැමදේම කරන්නේ මේ මහා බලගතුයි කියන කේන්දරේ අනුව. අකුරු කියවන්න, ඉඳුල් කටගාන්න, සමහරු කොන්ඩේ කපන්නත්, කසාද බඳින්නේ, ගෙවල් වලට පදිංචියට යන්නේ ඔය වගේ හැමදෙයකටම කේන්දරේ මුල් කරගන්නවා.
අකුරු කියවන්නේ නැකතට උනාට ඉස්කෝලේට ඇතුලත් කරගන්න ලියවිලි අතරේ කේන්දර කොපියක් අමුනන්න ඕනේ කියලා කතාවක් නැහැ මන් දන්න විදිහටනම්. කලින්ම කේන්දරේ බලලා ඉගෙන ගන්න පුළුවන්ද බැරිද එක අනුව ඉස්කෝලේට ගත්තා නම එතන හැමොටම ලේසියි ඒත් ඒක කරන්නේ නම් නැහැ.
මන් දැන් රස්සාවල් වල සම්මුඛ පරීක්ශන ගොඩකට ගිහින් තියෙනවා ඒත් එකකින්වත් මගෙන් කේන්දර කොපියක් ගැන අහලා නැහැ. ඊට වඩා ඕලෙවල් සහතිකේට සලකනවා. ඇයි දන්නේ නැහැ ආයතනවලින් කේන්දරේ බලලා වැඩ කරන්න පුළුවන්ද බැරිද කියන එක අනුව මිනිස්සුන්ව ගන්නේ නැත්තේ එකපාරම. කසාද බඳින්නේ නැතුව ඉන්න පුළුවන් කෙනෙක්ට ඒත් ජීවත් වෙන්න රස්සාවක් කියන එක නැතුව බැහැ ඒත් ඒතරම් වැදගත් රස්සාවක් ලබාදෙන තැනදි කේන්දරේට සැලකිල්ලක් නැහැ.
කේන්දරය කියන එක කවුරු හරි කෙනෙක් හදලා දෙන දෙයක් ඒත් විභාග වලින් ලබන සහතික වගේ දේවල් අපිම මහන්සියෙන් ලබාගන්න දේවල් ඒවාට තියෙන තරම් වටිනා කමක් ප්‍රායෝගික ජීවිතේ කේන්දරේට නැහැ ඒත් සමහර මිනිස්සුන්ව පාලනය කරන්නේ කේන්දරේ. ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙනෙන කියන එක නම් මට තේරෙන්නේ නැහැ

Tuesday, 26 October 2010
අපි ඇත්තටම ආදරේ
හැබැයි හැමෝම මෙහෙම නැහැ සමහර අය විතරයි
පුංචිම කාලේ ආදරෙන් රැකබලාගන්න අම්මලා තාත්තලට වඩා මොනා හරි ගෙන්ත් දීලා ටික වෙලාවකට නලවලා යන්න පවුලේ නැදෑ හිතවතුන්ට ආදරේ කරනවා.
ඊට කාලෙකට පස්සේ ඉඳන් දෙමව්පියන්ට, පවුලේ සහෝදර සහෝදරියන්ට වඩා කොහේවත් ඉන්න කෙල්ලෙක්ට නැත්නම් කොල්ලෙක්ට ආදරේ කරනවා. ඒ කරන්නෙත් තමන්ට කැමති කෙනෙක්ට නෙමෙයි තමන්ව සත පහකට ගනන් ගන්නෙ නැති කෙනෙක්ට තමා.
කසාද බැඳපු කාලෙක් නැත්නම් පෙම්වතියක් ඉන්න කාලෙක තමන්ගේ බිරිඳට නැත්නම් පෙම්වතියට වඩා වෙන කාගේ හරි බිරිඳකට නැත්නම් පෙම්වතියකට ආදරේ කරනවා. ඒ කෙනා ඉන්නේ ලාබ ප්‍රයෝජන සඳහා විතරක්ම වෙන්න පුළුවන් ඒත් ඒත් රැවටිලා ඒ මත්තෙම නැහෙනවා.
වයසට ගියාම තමන්ව තනිකරලා ඒ අයගේ ජීවිත ගත කරනන් වෙන් වෙලා යන, බැරි කාලෙක බලන්නේ වත් නැති දරුවන්ට ආදරේ කරනවා.
ආදර කියනේ මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැතුව දෙන දෙයක් කියනවා නේ ඒ අතින් බැලුවම අපි හරියට ආදරේ කරනවා. අපි හැම වෙලේම ලේසියෙන් ලැබෙන දේවල් වලට වඩා නොලැබෙන දේවල් වලට කැමති නිසාද මෙහෙම වෙන්නේ???
අපිව පොඩ්ඩක් වත් ගනන් ගන්නේ නැති කෙනෙක්ට ගොඩක් ආදරේ කරලා හිතට දුකක් දැනුනම තමා තේරෙන්නේ අපි නොසලකා හිටපු අය අපිට කොච්චර ආදරේ කරලද කියලා....
ඇත්තටම අපි ආදරේ, අපිට ආදරේ අයටද???

Monday, 25 October 2010
ලොකුම තරහාකාරයා
මේ ලොකේ ඉන්න අනික් හැමෝම තමන්ට අනතුරක් කරන්න ඉන්නේ කියලා හිතාගෙන ඉන්න මානසික රොගයකින් පෙළෙන අය ඇරුනම අනික් හැමෝගෙම වගේ ලොකුම තරහාකාරයා කලින් තමන්ගේ හිටපු ලඟම හිතවතා කියලා මටනම් හිතෙන්නේ.
ජීවිතේම එකට ඉන්න හිතාගෙන ඉන්න පෙම්වතුන් විරසක උනාම ලොකුම තරහා කාරයෝ වෙන්නේ කලින් ආදරෙන් හිටිය අයද කියලා හිතා ගන්නත් බැරි විදිහට. එක පවුලේ සහෝදර සහෝදරියන් හොඳම යාළු මිත්‍රයෝ දෙමව්පියෝ දූ දරුවන්. මේ අය හරිනම් අනික් අයත් ආදර්ශයක් වෙන විදිහට එකිනෙකා බැඳී ඉන්න ඕනේ ඒත් වෙන්නේ ඕකේ අනික් පැත්ත.
ගොඩක් සමීප උනාම අපිට අනිකාගේ වැරදි වැඩිපුර පේනවද? ඒත් එයා එක්ක තියෙන සම්බඳතාවයේ ප්‍රමානය මත අපිට ඒක ඉවසන්න බැරිද? පාරේ යන ගැනු මිනිස්සු එක්ක රණ්ඩු නොවුනට එක ගෙදර අය කොච්චර ගහබැන ගන්නවද?
මිතුරන් හතුරන් උනාම නිකන් හතුරන්ටත් වඩා දරුණු වෙනවා මොකද එයාලා අපි ගැන දන්න නිසා, ඒ දන්න දේවල් පවා අපිට එරෙහිව යොදා ගන්න නිසා. පෙම්වතුන් තරහා උනාම තමන්ගේ පෙම්වතියට නින්දා අපහාස කරන පෙම්වතුන් කොච්චර පහත් විදිහේ වැඩ කරන්වද?
සැබැවිනම් සිදුවිය යුත්තේ මේයද? අඩුම ගානේ අපිට බැරිද ඒ අයට සමාව දෙන්න ඒයාලට අපි දවසක් හරි ආදරේ කලා, අපි එයාලා එක්ක එකට හිටියා, එයාලා මගේ පවුලේ අය කියලාවත්?? මේක මෙහෙම වෙන හැටි තමා මට හිතා ගන්න බැරි.

Tuesday, 21 September 2010
අපි කාටද බය
"මියගිය රියදුරා නොසැලකිල්ලෙන් රියපදවා 10කට මරු කැඳවයි"
"කන්නත අසලින් ගිය තරුණියට මියගිය තරුණයන්ගෙන් අතවර"
"මියගිය සොරු රැලක් ගෙයක් බිඳ කෝටියක මුදල් පැහැරගනී"
"මියගිය ත්‍රස්ථවාදියාගෙන් මරාගෙන මැරෙන ප්‍රහාරයක්"
"මියගිය පොලිස් කොස්තාපල් අල්ලස් ගනී"
"මියගිය පාතාල නායකයා මිනීමරයි"
"මෝචරියේ තිබූ මළ මිනියගෙන් රොගී තරුණියකට අතවර"
මේ වගේ ප්‍රවෘත්තියක් අපි කාටවත් ජීවිතේට දකින්න ලැබිලා ඇති කියලා මන් නම් හිතන්නේ නැහැ ඒත් ඔය හැම එකම අපි හැමදාම පත්තර වල දකිනවා පොඩි වෙනසකුත් එක්ක. ඒ වෙනස තමයි මියගිය කියන කොටස නැතුව. ඔය වගේ මෙකී නොකී සියළු අපරාධ කරන්නේ මියගිය නැත්නම් මැරුන අය නම් නෙමෙයි පණ තියෙන අය.
ඒත් අපි බය මැරුණ මිනිස්සුන්ට. අපි කාටවත් කිසිම කරදරයක් කරන්නේ නැති මැරුණ අයට, පණ තියෙන මිනිස්සු බයයි. පණ තියෙන මිනිස්සුන්ට කරදර කරන පණ තියෙන මිනිස්සුන්ට කවුරුත් බය නැහැ.
දෙනෝදාහක් දෙනා ගැවසෙන නගරයක් මැද්දෙන් යන්න කවුරුත් බය නැහැ ඒත් ඒ යද්දි බෝම්බයකට, ගුටි ප්‍රහාරයකට, සොරකමකට නැත්නම් වෙන ඕනෑම කරදරයකට ලක් වෙන්න පුළුවන් ඒත් අපි යන්න බය නැහැ. ඒත් මළමිනී දාහක් තියා එකක් දෙකක් තියෙන තැනකට යන්න කවුරුත් ටිකක් විතර බයයි.
රෑට කනත්තක් මැද්දෙන් යන ගෑනු ලමයෙක්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ ඒත් රෑට තියා දවල්ට උනත් ගෑනු ලමයෙක්ට කරදරයක් නැතුව සෙනඟ ඉන්න බස් එකක යන්න බැහැ. පණ තියෙන මිනිස්සු මැරිච්ච අයටත් වඩා අන්ත ද?
හැබෑටම බය වෙන්න ඕනේ මළ මිනිස්සුන්ටද පණ තියෙන මිනිස්සුන්ටද????

Saturday, 14 August 2010
ඇයි කෙල්ලන්ට විතරක්
ලියන්න හිතුනේ, ඉස්කොලේ වාර අවසාන දිනයක කාන්තා පාසැලක ලමුන් පිරිසක් නටමින් ඉන්න වීඩියෝ එකක් දැකලා. එකේ නටන්නේ කෙල්ලෝ එක නිසා ඒක චාටර් හැබැයි ඕකම කොල්ලෝ නැටුවනම් අන්න නියම සිරා පොරවල් ටිකක් වෙනවා. මීට කලින් ඔය වගේම වීඩියෝ එකක් දැක්කා ගෑනු ලමයි දෙන්නෙක් නටන ඒකත් චාටර් හැබැයි ඒකම කොල්ලො දෙන්නෙක් නැටුවනම් ආන්න ෆුල් සිරා ඩාන්ස් එකක්. තව පින්තූරයක් තිබුනා ඉස්කොලේ යන ගෑනු ලමයි තුන් දෙනෙක්ගේ, ඒකට තිබ්බ ප්‍රතිචාර නැහැදිච්ච කෙල්ලෝ. අනේ ඒකත් කොල්ලෝ තුන්දෙනෙක් උනා නම් ෂා නියම ෆොටෝ එක ෆුල් සිරා පොරවල් තුනක්.
මොකද මේ කෙල්ලන්ට විතර. ඇයි කෙල්ලෝ කලාම චාටර් එකම කොල්ලෝ කලාම සිරා වෙන්නේ.
කෙල්ලෙක් කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක යාළු උනොත් ඒකි බඩුව. ඒත් කොල්ලෙක් එහෙම කලාම ඌ සිරා පොර වෙනවා. ගෑනියෙක් මිනිස්සු දෙතුන් දෙනෙක් එක්ක ගියාම එකි වල් ගෑනි හැබැයි එහෙම යන මිනිහා වැඩ කාරයෙක්. මිනිහෙක් තමන්ගේ ගෑනි ඉන්නකොට වෙන ගෑනියෙක් එක්ක ගියොත් ඒක ගෑනිගේ වැරැද්ද. ගෑනියෙක් එහෙම ගියොත් ඒ ගෑනිගේ වල් කම.
වල් කියන වචනේ ස්ත්‍රීලිංගික විශේෂණ පදයක්ද?
කුණු හරප ගත්තත් ගොඩක් ඒවා ස්ත්‍රී ලිංගිකයි ඒවාට පුරුෂ ලිංගික පද නැති තරම්. ඕකට නම් මට කෙනෙක් කිව්වේ ඒ වචන හදලා තියෙන්නේ පිරිමි නිසා කියලා. ඒක ගැන නම් මන් දන්නේ නැහැ මොකෝ මන් ඉපදෙනකොටත් ඔය වචන තිබ්බ නිසා.
මිනිස්සු ගොඩක් එක්ක යන ගෑනිට "වේසි" කිව්වට ගෑනු ගොඩක් එක්ක යන මිනිහට කියන්න අපහාසාත්මක වචනයක් මන් අහලා නැහැ. ඒ වගේම මිනිස්සුන්ට ඇඟ විකුනන ගෑනි "ගණිකාව" උනාට ඒ රස්සවම කරන මිනිස්සුන්ට කියන්න "ගණිකාව"ට පුරුෂ ලිංගික පදයක් නැහැ.
ලංකාවේ නීතියත් ඔය වගේ. ගෑනියෙක් තනියම රෑ වෙලා පාරේ හිටියොත් අල්ලන් යනවා අයාලේ ගියා කියලා. හැබැයි පිරිමි රෑ එළි වෙනකම් පාරේ හිටියත් අයාලේ යන්නේ නැහැ. ඇයි අර ගෑනි ඔය යාලේ යන්නේ තනියමද? එතකොට කෝ පිරිමියා. මන් අහලා තියෙන විදිහට ගණිකා මඩම් වලදිත් අල්ලන් යන්නේ එතන ඉන්න ගෑනු ටික විතරයි ඒත් ඒ ගෑනුන්ව ගණිකාවන් කරපු පිරිමි නිදහස් (මේක නම් හරියටම මට ෂුවර් නැහැ )
කාලතුරකින් ඇරෙන්න ගෑනියෙක් වල් වෙන්නේ වේසියෙක් වෙන්නේ එහෙමත් නැත්නම් ගණිකාවක් වෙන්නේ පිරිමි නිසාම තමයි එහෙම පිරිමි නිසා ඒ තත්වෙට පත්වෙන ගෑනුන්ට පිරිමි අපහාස කරන්නේ හරියට "අනේ අපි නම් ඕවට නැහැ වගේ"
"කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ."

Monday, 9 August 2010
ලියවිල්ල සහ ලියන්නා
ඔය පහුගිය කාලේ පාසැල් වල සාහිත්‍ය කියන විෂය උගන්නන එක නවත්තන්න යනවා කියලා ලොකු කතාබහක් ගියා සාහිත්‍ය ඉගෙන නොගෙන හැදෙන ලමයි නරක් වෙනවා කියන නිසා. එහෙම බැලුවම් සාහිත්‍ය කාරයෝ කියන්නේ හරිම හොඳ මිනිස්සු වෙන්න එපායෑ. මොන තරම් ගල් බේගලයක් ද ඒක. ඉස්සරහට එන සාහිත්‍ය මාසේ තියෙන සම්මාන උළෙලවල් වලින් පස්සේ බලන්න පුළුවන් ඔය සමහර සාහිත්‍ය කාරයන්ගේ තියෙන ගුණ යහපත් කම්.
හැමදාම වගේ සාහිත්‍ය සම්මන උළෙලෙන් පසු දකින්නට ලැබෙන ඊලඟ අංගය වන්නේ සම්මනයට පාත්‍රවූ නිර්මාණ සහ එම නිරමාණකරුවන් පතුරු ගැසීමයි. එයත් සිදු කරනු ලබන්නේ බජාර් එකේ චන්ඩි නොව එවන් සමහර සංවේදී නිර්මාණ කරුවන් විසින්ම වීම සමහර සාහිත්‍ය කරුවන් යනු නරුමයන් පිරිසක්ම බව කියැවෙන සාධකයකි.
සිනමා, සංගීත, පොත්, පත්තර, නාට්‍ය වගේ ක්ෂේත්‍රව වල තරම් අනික් අයට අන්චි අදින කපා කොටා ගන්න ඉරිසියා කරන පිරිසක් තවත් නැතුව ඇති. සමහර විට නගරේ තියෙන පැල්පත් වාසීන් පවා මීට වඩා සහයෝගයෙන් ඉන්න බව අපිට නම් දකින්න පුළුවන්. තමන්ට වඩා අනිකා කොයියම් ක්‍රමයකින් හරි ඉහලට යනවනම් ඔය සංවේදී නිර්මාණ කරනයේ යෙදෙන සමහර අය බලන්නේ ඒ කෙනාව කොහොමත් බිමට වට්ටලා පාගලා ආයි ජීවිතේට නැගිටින්න බැරි තත්වෙට පත්කරන්නේ කොහොමද කියලා.
ගෝත්‍රිකයන් යනු සමාජයේ ජීවත් වන ශිෂ්ඨ මිනිසුන් තරම් දියුණු නොවූ පිරිසකි, සමහර සාහිත්‍ය කරුවන්ද එවැනිම මිලේච්ඡයන් පිරිසකි. තමන්ගේ ගෝත්‍රයේ උන්ට හුරේ දමන අතරම අනික් ගෝත්‍රිකයන් රාත්‍රී අහාරය සඳහා සුදානම් කරගනී. තමන්ගේ මිලේච්ඡ ක්‍රියාව වසා ගැනීම සඳහා, විචාරයක් හෝ දැනුවත් කිරීමක් හෝ යනුවෙන් බෝඩ් ලෑල්ලක් ද මොවුන් විසින් ගසාගනී.
මන් නම් කියන්නේ ලියවිල්ල සුන්දර වෙන්න වෙන්න ලියන්නා නරුමයෙක් වෙනවා කියලා. මේක ඉතින් 100% හැමෝටම හරියන්නේ නැතුව ඇති ඒත් බහුතරය මෙහෙම වෙන්න ඕනේ. සමහර විට නිරමාණ රසවිඳින පුද්ගලයන් හොඳ වෙනවා ඇති ඒත් නිර්මාණ කරන සමහර අය නම් දවසින් දවස පහලට යන එක වෙනවා ඇත්තේ.
ප්‍රවේසම් වන්න නිරමාණ තරම් සමහර නිරමාණ කරුවන් සුන්දර නැත!!!

Tuesday, 8 June 2010
ඇයි අසම්මතයට මේ තරම්
ඊඩ්න් උයනක් ගැන බ්ලොග් එකේ අයිතිකාරයා මොනවා කිව්වත් ඉන්දියාවේ කල්කටාවේ තියෙන ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රිකට් පිට්ටනිය ඇරෙන් වෙන එකක් ගැන මන් නම් දන්නේ නැහැ ඒත් ඔය කියන ආදම් ලා ඊව ලා තහනම් ගහක් ගෙඩි කාපු නිසා මිනිස්සු බිහි උන නිසාම වෙන්න ඇති මේ සමාජයේ මිනිස්සුත් අවසර ඇති ගස් වලට වඩා තහනම් ගස් වල ගෙඩි කන්න වැඩියෙන් කැමති.
තමන්ගේ ගෙදර වත්තේ කර්තකොලොම්බම් අඹ කුණුවෙලා වැටෙනකොට අල්ලපු වත්තේ කොහු අඹ ගහට පොලු ගහලා කඩන ඇඹුල් අඹ දත්හිරිවට්ටගෙන කන්නේ පුදුම පෙරේත කමකින්.....
වැඩියෙන්ම මිහිරියි කියලා හිතෙන ගීත බොහොමයක නොකියා කියන්නේ අසම්මතයේ ඇති රසවත්බව. සම්මත දේවල් වලට වඩා අසම්මත දේවල් එක්ක නිර්මාන බිහිවෙනේ ඒකේ තියෙන උද්වේගකර බව වැඩි නිසා වෙන්න ඕනේ. ගෑණු මිනිස්සු ඒකට ලෝබ කම් කරන්නේ ඒකේ මිහිර වැඩි නිසාද මන් දන්නේ නැහැ. ගීත විතරක් නෙමෙයි රසවත් නිර්මාන, කවි, කතා, චිත්‍රපට, නාට්‍ය මේ මොක උනත් විස්තර කරන්නේ අසම්මතයක් නම් ඒවා මිනිස්සු අතරට යන්නේ පහසුවෙන්.
ලෙඩවෙලා වැටිලා අසරන වෙලා ඉන්න මිනිහා හෝ ගැහැනියගේ ලඟ ඉඳන් සියළුම ආවතේව කරලා , කැත කුණු සෝදන්, කවන පොවන, බේත්හේත් කරන කසාද මිනිහා හරි ගැහැනියට වඩා යන්තම කෙටි පනිවිඩයකින් සුවදුක් විචාරන අනියම් ගැහැනිය හෝ පිරිමියාගේ වචන වලට ලෙඩ වෙච්ච ශරීරයට අළුත් පනක් ගේන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක කාටවත් පැහැදිලි කරන්න පුළුවන්ද මන්දා.
සම්මතය තුල මියයමින් ජීවත් වෙන ගැහැනු මිනිස්සු අසම්මතය තුල හුස්ම ගන්නේ අළුත් ජීවිතයක බලාපොරොත්තු එක්ක මේක හරිම පුදුම ලෝකයක්.....

Subscribe to:
Posts (Atom)