Saturday 14 August 2010

ඇයි කෙල්ලන්ට විතරක්

ලියන්න හිතුනේ, ඉස්කොලේ වාර අවසාන දිනයක කාන්තා පාසැලක ලමුන් පිරිසක් නටමින් ඉන්න වීඩියෝ එකක් දැකලා. එකේ නටන්නේ කෙල්ලෝ එක නිසා ඒක චාටර් හැබැයි ඕකම කොල්ලෝ නැටුවනම් අන්න නියම සිරා පොරවල් ටිකක් වෙනවා. මීට කලින් ඔය වගේම වීඩියෝ එකක් දැක්කා ගෑනු ලමයි දෙන්නෙක් නටන ඒකත් චාටර් හැබැයි ඒකම කොල්ලො දෙන්නෙක් නැටුවනම්  ආන්න ෆුල් සිරා ඩාන්ස් එකක්. තව පින්තූරයක් තිබුනා ඉස්කොලේ යන ගෑනු ලමයි තුන් දෙනෙක්ගේ, ඒකට තිබ්බ ප්‍රතිචාර නැහැදිච්ච කෙල්ලෝ. අනේ  ඒකත් කොල්ලෝ තුන්දෙනෙක් උනා නම් ෂා නියම ෆොටෝ එක ෆුල් සිරා පොරවල් තුනක්.

මොකද මේ කෙල්ලන්ට විතර. ඇයි කෙල්ලෝ කලාම චාටර් එකම කොල්ලෝ කලාම සිරා වෙන්නේ.

කෙල්ලෙක් කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක යාළු උනොත් ඒකි බඩුව. ඒත් කොල්ලෙක් එහෙම කලාම ඌ සිරා පොර වෙනවා. ගෑනියෙක් මිනිස්සු දෙතුන් දෙනෙක් එක්ක ගියාම එකි වල් ගෑනි හැබැයි එහෙම යන මිනිහා වැඩ කාරයෙක්. මිනිහෙක් තමන්ගේ ගෑනි ඉන්නකොට වෙන ගෑනියෙක් එක්ක ගියොත් ඒක ගෑනිගේ වැරැද්ද. ගෑනියෙක් එහෙම ගියොත් ඒ ගෑනිගේ වල් කම.

වල් කියන වචනේ ස්ත්‍රීලිංගික විශේෂණ පදයක්ද?

කුණු හරප ගත්තත් ගොඩක් ඒවා ස්ත්‍රී ලිංගිකයි ඒවාට පුරුෂ ලිංගික පද නැති තරම්. ඕකට නම් මට කෙනෙක් කිව්වේ ඒ වචන හදලා තියෙන්නේ පිරිමි නිසා කියලා. ඒක ගැන නම් මන් දන්නේ නැහැ මොකෝ මන් ඉපදෙනකොටත් ඔය වචන තිබ්බ නිසා.

මිනිස්සු ගොඩක් එක්ක යන ගෑනිට "වේසි" කිව්වට ගෑනු ගොඩක් එක්ක යන මිනිහට කියන්න අපහාසාත්මක වචනයක් මන් අහලා නැහැ. ඒ වගේම මිනිස්සුන්ට ඇඟ විකුනන ගෑනි "ගණිකාව" උනාට ඒ රස්සවම කරන මිනිස්සුන්ට කියන්න "ගණිකාව"ට පුරුෂ ලිංගික පදයක් නැහැ.

ලංකාවේ නීතියත් ඔය වගේ. ගෑනියෙක් තනියම රෑ වෙලා පාරේ හිටියොත් අල්ලන් යනවා අයාලේ ගියා කියලා. හැබැයි පිරිමි රෑ එළි වෙනකම් පාරේ හිටියත් අයාලේ යන්නේ නැහැ. ඇයි අර ගෑනි ඔය යාලේ යන්නේ තනියමද? එතකොට කෝ පිරිමියා. මන් අහලා තියෙන විදිහට ගණිකා මඩම් වලදිත් අල්ලන් යන්නේ එතන ඉන්න ගෑනු ටික විතරයි ඒත් ඒ ගෑනුන්ව ගණිකාවන් කරපු පිරිමි නිදහස් (මේක නම් හරියටම මට ෂුවර් නැහැ )

කාලතුරකින් ඇරෙන්න ගෑනියෙක් වල් වෙන්නේ වේසියෙක් වෙන්නේ එහෙමත් නැත්නම් ගණිකාවක් වෙන්නේ පිරිමි නිසාම තමයි එහෙම පිරිමි නිසා ඒ තත්වෙට පත්වෙන ගෑනුන්ට පිරිමි අපහාස කරන්නේ හරියට "අනේ අපි නම් ඕවට නැහැ වගේ"

"කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ."

Monday 9 August 2010

විචාර හරඹ

මරණෙ හොඳ විෂයකට ප්‍රවේශ වෙලා තියනවා. මටත් මේක ලියන්න හිතුණෙ මරණෙගෙ ලියවිල්ල දැක්කමයි. සාහිත්‍ය කීවම ඉතින් විචාරකයා කියන වචනෙත් ඒ එක්කම බැඳිල තියන දෙයක්. කොහොම වෙතත් අද සාහිත්‍ය විචාරයට වඩා ප්‍රචාරයක් තියන බවනම් පේනවා.

මට හිතෙන්නෙ පාඨකයයි සාහිත්‍ය කෘතියයි අතරෙ දුරස්ථ බව බිඳින්න විචාරකයෙක් ගොඩක් උදව් කරනවා. අපි අලුත් පොතක් ගැන හරි සිනමා පටයක් ගැන හරි දැනගන්නෙ බොහෝ විට ඒ ගැන මාධ්‍ය තුළින් කෙරෙන පූර්ව විචාරයක් නිසයි.

මතවාදී සංවාද ඇතිවිය යුතු දෙයක් වුණත් පුද්ගලික පහර ගැසීම් විචාරකයෙකුට තරම් නොවන දේවල්. සාමාන්‍යයෙන් අපි ගොඩක් කැමතියි අපි කියවපු පොතක් ගැන, බලපු චිත්‍රපටියක් ගැන තවත් කෙනෙකුගේ අදහස් කියවන්න. අද පුවත්පත් මාධ්‍යයෙන් ඒකට හොඳ ඉඩක් දීල තියනවා. කියවන සමාජයක් බිහිකරන්න සාහිත්‍ය විචාරකයෙකුට ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන් බව එකෙන් පේනවා.

ඒත් අද සමහර විචාර පාඨකයා අතරමං කරවන සුළුයි. සමහර සාහිත්‍ය විචාරකයන් පෞද්ගලික හිතවත්කම් මත ආර්ථික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් සමහර කෘති පිළිබඳ විචාර ලියන හැටි පැහැදිලිව පේනව. අනිත් කාරණේ තමයි මරණෙ කීව වගේ පුද්ගලික අමනාපකම් මත නිර්දය විවේචන සිදුකිරීම. මේකෙන් අතරමං වෙන්නෙ පාඨකයයි.

ඔය ඊනියා මතවාද දරමින් අපැහැදිලි චින්තනයන් සමාජගත කරන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවනෙ. සමහර විචාර කියවද්දි අපිට හරි වෙහෙසක් දැනෙනව. හරියට යකඩ කනව වගේ අමාරුයි. සමහර විචාරකයන්ගෙ සංවාද අතරෙ අපි හුදෙකලා වෙනව. තමන් තේරුම් ගත්තත් අනිත් අයට තේරුම් කරන්න නොදැනීමත් සමහර විචාරකයන්ගෙ දුර්වලතාවයක් විදියට මං දකිනව.මට හිතෙන්නෙ කෘතියට වඩා කර්තෘ ඉස්මතු වෙනකොට තමයි මෙහෙම "අවිචාර" සිද්දවෙන්නෙ.

ලියවිල්ල සහ ලියන්නා

ඔය පහුගිය කාලේ පාසැල් වල සාහිත්‍ය කියන විෂය උගන්නන එක නවත්තන්න යනවා කියලා ලොකු කතාබහක් ගියා සාහිත්‍ය ඉගෙන නොගෙන හැදෙන ලමයි නරක් වෙනවා කියන නිසා. එහෙම බැලුවම් සාහිත්‍ය කාරයෝ කියන්නේ හරිම හොඳ මිනිස්සු වෙන්න එපායෑ. මොන තරම් ගල් බේගලයක් ද ඒක. ඉස්සරහට එන සාහිත්‍ය මාසේ තියෙන සම්මාන උළෙලවල් වලින් පස්සේ බලන්න පුළුවන් ඔය සමහර සාහිත්‍ය කාරයන්ගේ තියෙන ගුණ යහපත් කම්.

හැමදාම වගේ සාහිත්‍ය සම්මන උළෙලෙන් පසු දකින්නට ලැබෙන ඊලඟ අංගය වන්නේ සම්මනයට පාත්‍රවූ නිර්මාණ සහ එම නිරමාණකරුවන් පතුරු ගැසීමයි. එයත් සිදු කරනු ලබන්නේ බජාර් එකේ චන්ඩි නොව එවන් සමහර සංවේදී නිර්මාණ කරුවන් විසින්ම වීම සමහර සාහිත්‍ය කරුවන් යනු නරුමයන් පිරිසක්ම බව කියැවෙන  සාධකයකි.

සිනමා, සංගීත, පොත්, පත්තර, නාට්‍ය වගේ ක්ෂේත්‍රව වල තරම් අනික් අයට අන්චි අදින කපා කොටා ගන්න ඉරිසියා කරන පිරිසක් තවත් නැතුව ඇති. සමහර විට නගරේ තියෙන පැල්පත් වාසීන් පවා මීට වඩා සහයෝගයෙන් ඉන්න බව අපිට නම් දකින්න පුළුවන්. තමන්ට වඩා අනිකා කොයියම් ක්‍රමයකින් හරි ඉහලට යනවනම් ඔය සංවේදී නිර්මාණ කරනයේ යෙදෙන සමහර අය බලන්නේ ඒ කෙනාව කොහොමත් බිමට වට්ටලා පාගලා ආයි ජීවිතේට නැගිටින්න බැරි තත්වෙට පත්කරන්නේ කොහොමද කියලා.

ගෝත්‍රිකයන් යනු සමාජයේ ජීවත් වන ශිෂ්ඨ මිනිසුන් තරම් දියුණු නොවූ පිරිසකි, සමහර සාහිත්‍ය කරුවන්ද එවැනිම මිලේච්ඡයන් පිරිසකි. තමන්ගේ ගෝත්‍රයේ උන්ට හුරේ දමන අතරම අනික් ගෝත්‍රිකයන් රාත්‍රී අහාරය සඳහා සුදානම් කරගනී. තමන්ගේ මිලේච්ඡ ක්‍රියාව වසා ගැනීම සඳහා, විචාරයක් හෝ දැනුවත් කිරීමක් හෝ යනුවෙන් බෝඩ් ලෑල්ලක් ද මොවුන් විසින් ගසාගනී.

මන් නම් කියන්නේ ලියවිල්ල සුන්දර වෙන්න වෙන්න ලියන්නා නරුමයෙක් වෙනවා කියලා. මේක ඉතින් 100% හැමෝටම හරියන්නේ නැතුව ඇති ඒත් බහුතරය මෙහෙම වෙන්න ඕනේ. සමහර විට නිරමාණ රසවිඳින පුද්ගලයන් හොඳ වෙනවා ඇති ඒත් නිර්මාණ කරන සමහර අය නම් දවසින් දවස පහලට යන එක වෙනවා ඇත්තේ.

ප්‍රවේසම් වන්න නිරමාණ තරම් සමහර නිරමාණ කරුවන් සුන්දර නැත!!!