Monday, 25 October 2010

ලොකුම තරහාකාරයා

මේ ලොකේ ඉන්න අනික් හැමෝම තමන්ට අනතුරක් කරන්න ඉන්නේ කියලා හිතාගෙන ඉන්න මානසික රොගයකින් පෙළෙන අය ඇරුනම අනික් හැමෝගෙම වගේ ලොකුම තරහාකාරයා කලින් තමන්ගේ හිටපු ලඟම හිතවතා කියලා මටනම් හිතෙන්නේ.

ජීවිතේම එකට ඉන්න හිතාගෙන ඉන්න පෙම්වතුන් විරසක උනාම ලොකුම තරහා කාරයෝ වෙන්නේ කලින් ආදරෙන් හිටිය අයද කියලා හිතා ගන්නත් බැරි විදිහට. එක පවුලේ සහෝදර සහෝදරියන් හොඳම යාළු මිත්‍රයෝ දෙමව්පියෝ දූ දරුවන්. මේ අය හරිනම් අනික් අයත් ආදර්ශයක් වෙන විදිහට එකිනෙකා බැඳී ඉන්න ඕනේ ඒත් වෙන්නේ ඕකේ අනික් පැත්ත.

ගොඩක් සමීප උනාම අපිට අනිකාගේ වැරදි වැඩිපුර පේනවද? ඒත් එයා එක්ක තියෙන සම්බඳතාවයේ ප්‍රමානය මත අපිට ඒක ඉවසන්න බැරිද? පාරේ යන ගැනු මිනිස්සු එක්ක රණ්ඩු නොවුනට එක ගෙදර අය කොච්චර ගහබැන ගන්නවද?

මිතුරන් හතුරන් උනාම නිකන් හතුරන්ටත් වඩා දරුණු වෙනවා මොකද එයාලා අපි ගැන දන්න නිසා, ඒ දන්න දේවල් පවා අපිට එරෙහිව යොදා ගන්න නිසා. පෙම්වතුන් තරහා උනාම තමන්ගේ පෙම්වතියට නින්දා අපහාස කරන පෙම්වතුන් කොච්චර පහත් විදිහේ වැඩ කරන්වද?

සැබැවිනම් සිදුවිය යුත්තේ මේයද? අඩුම ගානේ අපිට බැරිද ඒ අයට සමාව දෙන්න ඒයාලට අපි දවසක් හරි ආදරේ කලා, අපි එයාලා එක්ක එකට හිටියා, එයාලා මගේ පවුලේ අය කියලාවත්?? මේක මෙහෙම වෙන හැටි තමා මට හිතා ගන්න බැරි.

3 comments:

  1. ඕක වෙන්න හේතුවෙන දේ මනෝ විද්‍යාත්මකව හරියටම විග්‍රහ කරන්න පුළුවන් ඇති... අපි ඉතිං ඒව දන්නෙ නැති නිසා තේරෙන විධියට ගත්තොත් ඉතිං ඔය විරසක වීම වෙන්නෙ දරුණු විධියට ළං වෙලා ඉඳල වෙන් වුණාම... ඒක දරාගන්න බැරි වීම ඔය තරහ විධියට පිරිමහන්න තමයි යන්නේ... මොකද ඔය සින්දු වල කියනව වගේ හිත කියන්නෙ වීදුරු බඳුනක්ලුනේ... ඉතිං බිඳුණොත් ආයෙ හදාගන්නව බොරු...

    මේක හැබැයි කාලයත් එක්ක පොඩ්ඩක් ෂේප් වෙන තත්ත්වෙකුත් තියෙනව සමහර අවස්ථාවලදි නේද...?

    ReplyDelete
  2. සමහ වෙලාවට කාලයත් එක්ක යටපත් උනත් වැඩිපුරම වෙන්නේ ඒක වැඩි වෙන ඒකද මන්දා :-D
    පවුල් වල ඒවා නම් එහෙම යටපත් වෙනවා අඩුයි ද මන්දා

    ReplyDelete
  3. ඔන්න අදමයි මේ පැත්තේ ආවේ... කියවන්න යමක් තියෙන බ්ලොග් එකක් නිසා ඔන්න මාත් පස්සෙන් වැටුනා (Follower)

    ReplyDelete