සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතා පොතක් තමා ප්‍රේම පුරාණය කියන්නේ ඒත් මට නම් ඒක කෙටිකතා තියෙන නවකතා පොතක්. මේක මන් කී සැරයක් කියවලා තියෙනවද කියලා මට මතක නැහැ මේ දවස් වල ආයි කියවනවා. එකිනෙකට වෙනස් ප්‍රේමයන් ගැන කතා කීපයක්ම ඒ පොතේ තියෙනවා. පළවෙනි කතාව කියවද්දි මට හිතිච්ච දෙයක්.
අපි ආදරේ කරන කෙනාගේ ජීවිතේ අපිට අයිති දෙයක් ද? එතකොට එයාට කියලා ජීවිතයක් නැද්ද? තමන්ගේ ජීවිතය අහිමි කරගැනීම අනෙකා වෙනුවෙන් කැපකිරීම කියලා හඳුන්වන්න පුළුවන්ද? තමන්ට තමන් අහිමි උනාම තව කෙනෙක් වෙනුවෙන් ආදරයක් හිතේ ඇතිවෙයිද?
අපි හැමෝම තනිකඩව ඉන්නකොට අසීමිත නිදහසක් බුක්ති විඳිනවා. වැඩිහිටියන්ගේ පාලනය යටතේ උනත් තමන්ට තමන් වෙනුවෙන් ජීවිතයක් තියෙනවා. ඒත් ඔය නිදහස තව කෙනෙක් සමග සම්බන්දයක් ඇති උන ගමන් නැති වෙලා යනවා. එතකොට අපි හදන්නේ අනෙකාව අපේ කරගන්න. එතනදි වෙන්නේ අනික් කෙනාගේ ජීවිතය නැති වීම කියලා මම නම් හිතන්නේ.
පිරිමියා නම් වැඩියෙන් ගහැනිය පාලනය කරන්න හදනවා. ගැහැනියත් පිරිමියාව යම්තාක් දුරට පාලනය කරන්න හදනවා. දෙදෙනෙක් අතර සම්බන්දයක් ඇති උන පලියටම අනෙකාව පාලනය කරන්න අයිතියක් ලැබෙනවද? ආදරය කියන්නේ අයිති කරගැනීමද?
මට තේරුන විදිහට නම් පොඩි කාලේ ඉඳන් ආදරේ කලත් අවුරුදු ගානකට පස්සේ හම්බ උන රවී ගැන නිර්මලාගේ හිතේ තිබ්බ ආදරේ රවී, නිර්මලාව පාලනය කරන්න ගිය නිසා නැති උනා. ආදරේට වඩා මිනිස්සුන්ට නිදහස වටිනවද මන්දා
ප්‍රේම පුරාණය ගැන මෙතනත් තියෙනවා
Subscribe to:
Post Comments (Atom)
ඔව්... මටනම් වටිනවා...
ReplyDeleteඅපිට වෙන කෙනෙක් ගැන මුලින් ආදරේ හිතෙද්දි ඇත්තටම ඒ කෙනා අපි බලාපොරොත්තු වෙන කෙනාම නොවුණත් ඒක ආදරේ දැණෙන්න බාධාවක් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ අපි අනිත් කෙනා ගැන ගොඩක් දේවල් දැනගෙන නොහිටියත් ආදරේ කරන්න පටන්ගන්නෙ දන්න දේවල් පොඩ්ඩක් නිසා. නමුත් සම්බන්ධය දිගින් දිගට යද්දි දෙන්න අතරෙ තියෙන වෙනස්කම් පේන්න ගනිද්දි තමයි අනිත් කෙනාව වෙනස් කිරීමේ උවමනාව ඇති වෙන්නෙ. මේකෙ ප්‍රතිඵලේ එක එක සංස්කෘති අනුව වෙනස් වෙනවා. බටහිර රටවල් වලදි නම් ඕන මගුලක් කියල දමල ගහල වෙන් වෙලා වෙනත් සම්බන්ධයකට යන්න උත්සාහ කරනවා. ඒත් ලංකාව වගේ රටවල කසාදෙ කියන එකත් එක්ක ඔය ආදරේ තදින් බැඳිල තියෙන නිසා මොන දුකක් විඳගෙන හරි ඕකෙ ඉන්නයි යන්නෙ. මම හිතන්නෙ නෑ ඒක හොඳ ක්‍රමයක් කියල. එකට ඉන්න බැරිනම් දුක් විඳින්නෙ නැතිව වෙන් වෙන එක හොඳයි. එතකොට අනිත් කෙනා පාලනය නොකර එයාගෙ පාලනයට නතු නොවී ආදරේ විඳින්න අවස්ථාවක් ලැබෙයි....
ReplyDeleteමොනව වුණත් දෙන්නෙක් සහමුලින්ම එකට පෑහෙන්නෙ නැති බව දැනගැනීම සහ අනිත් කෙනා සතුව තියෙන වෙනස මත සුන්දරත්වය දකින්න පුළුවන් වීම තුල ඔය පාලනය කියන එක ඒ හැටි දෙයකුත් නෙවෙයි.
නිදහස කියන දේ නම් අපි එක එක කාලවල එක එක විධියට අර්ථදක්වගන්න නිසා ඇත්තටම වටින්නෙ මේ මොහොතෙ තියෙන නිදහස තමයි නේ...
තනිකඩ නිදහස සහ බැඳීම්ගත නිදහස ;-)
අපට නිසහසේ කමෙන්ට් දාන්න මේ වර්ඩ් වැරිපිකේසොං අයිං කොරනවැයි....
"ම" පොඩි කාලෙ ඉදන් ආදරෙ කරලත් රවිට කුමාරිව නැති වෙයිද කියලා මමත් බය වෙලා ඉන්නෙ.
ReplyDeleteමම මෙ පොත කියවලා නැහැ. මෙ කියවලාම සටහනක් දාමු
චමිදේවා නිදහසට කැමති උනාට නිදහසක් නැහැ කියලා දැනෙන්න ඕනේ නිදහසේ අගය තේරෙන්න, ඒක නිසා වෙලාවකට තව පාර්ශවයක අගයක් දැනෙනවා
ReplyDeleteඅනික් කෙනා මත තියෙන වෙනස මත සුන්දරත්වයක් විඳින්න ලේසි නැහැ හරේ. ඔය ඉවසීම ජීවිත කාලෙම කරනන් බැහැ තාවකාලිකව ඉවසුවට
රවා, අනුවේදනීය සටන සහ අති බිහිසුණු ප්‍රේම ජවනිකා වලින් පිරෙයි නේ බන් ඕක. පොත් පුළුවන් නම් හොයාගෙන බලපන්, මට නම් සිරාවටම වැදුන පොතක්
ආදරේ කියල කියන්නෙ "නිදහස දීම" කියල අර්ථගන්වගත්තනම් ගැටලුවක් නෑ :-D
ReplyDeleteහරේ කියන්නා වගේ මටත් හිතෙන්නෙ ඇත්තටම වටින්නෙ මේ මොහොතෙ තියන නිදහස තමයි. සතුට කියන්නෙත් ඒකමද මන්දා
දෙන්නා එකට පවතිනවනම් ඔය වෙනස්කම් කියන ඒව මත සුන්දරත්වය දකින්නම වෙනව නේ... නැත්තං තනියම ඉන්න වෙනව. එක අතකට ඒක අර කන්න ඕන වුණාම කබරගොයාව තලගොයා කරගන්නව වගේ වැඩක්.
ReplyDeleteඕක වෙන්නෙ දෙන්නගෙ ලෝක දෙක එකක් වෙන්න ගත්තම. එහෙම වුණාම හැමවෙලේම අනෙකව අපිට පේනවනේ. එහෙම නොවී දෙන්නට ප්‍රද්ගලික ලෝක දෙකක් ඒ විධියටම තියාගන්න පුළුවන්නම් සෑහෙන්න කාලයක් අදින්න පුළුවන්. නමුත් ඔය කොයි දේත් සිද්ධ වෙද්දි වෙනස් තමයි. හොඳම දේ ඒක ඒ වෙලාවට බලමු කියන තැනට එන එක ;-)