Showing posts with label ගැහැණු. Show all posts
Showing posts with label ගැහැණු. Show all posts

Sunday, 20 March 2011

ප්‍රේම පුරාණය

සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතා පොතක් තමා ප්‍රේම පුරාණය කියන්නේ ඒත් මට නම් ඒක කෙටිකතා තියෙන නවකතා පොතක්. මේක මන් කී  සැරයක් කියවලා තියෙනවද කියලා මට මතක නැහැ මේ දවස් වල ආයි කියවනවා. එකිනෙකට වෙනස් ප්‍රේමයන් ගැන කතා කීපයක්ම ඒ පොතේ තියෙනවා. පළවෙනි කතාව කියවද්දි මට හිතිච්ච දෙයක්.

අපි ආදරේ කරන කෙනාගේ ජීවිතේ අපිට අයිති දෙයක් ද? එතකොට එයාට කියලා ජීවිතයක් නැද්ද? තමන්ගේ ජීවිතය අහිමි කරගැනීම අනෙකා වෙනුවෙන් කැපකිරීම කියලා හඳුන්වන්න පුළුවන්ද? තමන්ට තමන් අහිමි උනාම තව කෙනෙක් වෙනුවෙන් ආදරයක් හිතේ ඇතිවෙයිද?

අපි හැමෝම තනිකඩව ඉන්නකොට අසීමිත නිදහසක් බුක්ති විඳිනවා. වැඩිහිටියන්ගේ පාලනය යටතේ උනත් තමන්ට තමන් වෙනුවෙන් ජීවිතයක් තියෙනවා. ඒත් ඔය නිදහස තව කෙනෙක් සමග සම්බන්දයක් ඇති උන ගමන් නැති වෙලා යනවා. එතකොට අපි හදන්නේ අනෙකාව අපේ කරගන්න. එතනදි වෙන්නේ අනික් කෙනාගේ ජීවිතය නැති වීම කියලා මම නම් හිතන්නේ.

පිරිමියා නම් වැඩියෙන් ගහැනිය පාලනය කරන්න හදනවා. ගැහැනියත් පිරිමියාව යම්තාක් දුරට පාලනය කරන්න හදනවා. දෙදෙනෙක් අතර සම්බන්දයක් ඇති උන පලියටම අනෙකාව පාලනය කරන්න අයිතියක් ලැබෙනවද? ආදරය කියන්නේ අයිති කරගැනීමද?

මට තේරුන විදිහට නම් පොඩි කාලේ ඉඳන් ආදරේ කලත් අවුරුදු ගානකට පස්සේ හම්බ උන රවී ගැන නිර්මලාගේ හිතේ තිබ්බ ආදරේ රවී, නිර්මලාව පාලනය කරන්න ගිය නිසා නැති උනා. ආදරේට වඩා මිනිස්සුන්ට නිදහස වටිනවද මන්දා

ප්‍රේම පුරාණය ගැන මෙතනත් තියෙනවා