වාරිස් ඩයරි සහ කොරින්නා මිල්බෝන් විසින් ලියපු Desert Children (කාන්තාරයේ දරුවෝ) (පරිවර්තනය රංජිත් කුරුප්පු) කියන පොත, වාරිස් ඩයරිගේ කාන්තාරයේ කුසුමක් කියන පොතේම දිගුවක්. වාරිස් ඩයරි කියන ප්‍රසිද්ද නිරූපිකාව කුඩා කාලේ ස්ත්‍රී චර්මඡේදනයට ලක් වෙනවා. ලැබූ අත්දැකීමේ අමිහිරි මතකයන් සහ ප්‍රතිඵල ජීවිත කාලයටම උරුම වෙච්ච ඇය ස්ත්‍රී චර්මඡේදනයට එරෙහිව සටන් කරනවා.
සමහර අවස්තාව වාරිස් පුදුම වෙනවා කාන්තාවක් ඒ තරම් පීඩාවට පත් කරන ආගමික චාරිත්‍රයක් කරන්න උනන්දු වෙන්නේ එම අදාල දැරියගේ පියා හෝ පිරිමි නෑදෑයන් නැතුව කාන්තාවන්ම වීම ගැන. දැරියන්ගේ පවුල් වල වැඩිහිටි නෑදෑ කාන්තාවන්ම විසින් තමා මේ කටයුත්ත බලහත්කාරයෙන් සිදු කරන්නේ.
ලංකාවේ කසාද බැඳපු ගැනු ලමයින්ගේ පිරිසිදුකම හොයන කටයුත්තටත් සහබාගී වෙන්නේ මනමාලයගේ වැඩිහිටි නෑදෑ කාන්තාවන්ම තමයි. ඕකට පිරිමි සහභාගීවෙන්නේ ඊට පස්සේ තමාලු. චිත්‍රපටියක හැර මම සැබෑ ලෝකේ නම් එහෙම සිදුවීමක් දැකලා නැහැ. ඒ ඇරුනම ඉඳලා හිටලා පුවත්වත් වල නම් දැකලා තියේ. ඇත්තටම මේ කියන චාරිතය ලංකාවේ තාම සිද්ද වෙනවද කියලා මට අදහසක් නැහැ ඒත් එහෙම වෙනවනම් ඒක දිගටම පවත්වාගෙන යන්නේ නම් කාන්තාවන්ම විසින් තමා. ඒත් ඒ ගැන ඇඟිල්ල දික් වෙන්නේ පිරිමියාට.
මාමණ්ඩිය සහ ලේලි අතර හබ ගැන අහන්න වෙන්නේ කලාතුරකින් ඒත් නැන්දම්මා සහ ලේලි අතර රණ්ඩු දබර කියන එක හරිම සාමාන්‍ය දෙයක් වෙලා. මම කියන්නේ කාන්තාවන් පීඩාවට පත්කිරීම පිරිමින් අතින් සිද්ද වෙන්නේ නැහැ කියලා නෙමෙයි ඒත් ඒ හා සාමානවම හෝ සමහර විට ඊටත් වඩා ඒක කාන්තාවන් අතිනුත් සිද්ද වෙනවා කියන එක
Showing posts with label පොත්ක. Show all posts
Showing posts with label පොත්ක. Show all posts
Sunday, 30 January 2011
Subscribe to:
Posts (Atom)