Sunday 16 May 2010

මරණයට පෙර...

මරණයට පෙර කිව්වෙ මං මැරෙන්න කළින් කියන එකනම් නෙමෙයි. ඒ කිව්වෙ අර " මගේ මරණය " නමැත්තා අන්න එයාට කළින් ඊඩ්න් උයනෙ සටහනක් තියන්න මට ඕනි වුණා :-] ඔය මරණය නැමැත්තා හැමෝටම උපදෙස් දිදී හවුලෙ බ්ලොග් ලියන්නත් යෝජනා දාල මෙතන දැන් තනියම මැරිලද කොහෙද.


කාරි නෑ. ඒක වෙනම කතාවක්. මං කියන්නෙ මෙච්චරයි. ඕනෑම තැනක මම හැදෙන්නෙ අනෙකා මඟින්. අනෙකාගේ ඇසින් අපි අපි දෙස බලනවා. නැත්නම් මම මාව බලාගන්න වෙන කෙනෙක්ව භාවිතා කරනවා. ඒකනම් මාරයි. හිතල බලන්නකෝ අපි මේ සමාජයේ ජීවත්වෙනකොට එහෙම වෙනව නේද කියලා :-]
(මේක ගැන වැඩිය හිතල ඔළුව කුරුවල් කරගන්න යන්න ඕනි නෑ. ඔය ඉන්න හැටියකට ඉන්න :-P )

කොහොමහරි මට කියන්නම ඕනි මේකයි. අද උදේ මං රොටීත් එක්ක ලුණුමිරිස් කෑවා :-P ඒක මං ආශ්වාදයෙන් මතක් කරන්න කැමතියි...









3 comments:

  1. රොටිත් එක්ක ලුණු මිරිස් නරකම නැහැ ඕකට තව මිරිස් මාළු හොදි ටිකකුත් ගෑවුනා නම් නියමයි.

    ReplyDelete
  2. රොටිත් එක්ක ලුණුමිරිස් කාල තව මිරිස් මාළුත් කන්ඩ? අමු කැවිලද මරණෙ :-P

    ReplyDelete
  3. මූ අනිවා කමෙන්ට‍ කරන්න ඇත්තෙ බීලා :P

    මේ කෙල බෙරෙන පොස්ට් නොදා හිටු !! :D

    ReplyDelete