Tuesday 8 June 2010

ඇයි අසම්මතයට මේ තරම්

ඊඩ්න් උයනක් ගැන බ්ලොග් එකේ අයිතිකාරයා මොනවා කිව්වත් ඉන්දියාවේ කල්කටාවේ තියෙන ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රිකට් පිට්ටනිය ඇරෙන් වෙන එකක් ගැන මන් නම් දන්නේ නැහැ ඒත් ඔය කියන ආදම් ලා ඊව ලා තහනම් ගහක් ගෙඩි කාපු නිසා මිනිස්සු බිහි උන නිසාම වෙන්න ඇති මේ සමාජයේ මිනිස්සුත් අවසර ඇති ගස් වලට වඩා තහනම් ගස් වල ගෙඩි කන්න වැඩියෙන් කැමති.

තමන්ගේ ගෙදර වත්තේ කර්තකොලොම්බම් අඹ කුණුවෙලා වැටෙනකොට අල්ලපු වත්තේ කොහු අඹ ගහට පොලු ගහලා කඩන ඇඹුල් අඹ දත්හිරිවට්ටගෙන කන්නේ පුදුම පෙරේත කමකින්.....

වැඩියෙන්ම මිහිරියි කියලා හිතෙන ගීත බොහොමයක නොකියා කියන්නේ අසම්මතයේ ඇති රසවත්බව. සම්මත දේවල් වලට වඩා අසම්මත දේවල් එක්ක නිර්මාන බිහිවෙනේ ඒකේ තියෙන උද්වේගකර බව වැඩි නිසා වෙන්න ඕනේ. ගෑණු මිනිස්සු ඒකට ලෝබ කම් කරන්නේ ඒකේ මිහිර වැඩි නිසාද මන් දන්නේ නැහැ. ගීත විතරක් නෙමෙයි රසවත් නිර්මාන, කවි, කතා, චිත්‍රපට, නාට්‍ය මේ මොක උනත් විස්තර කරන්නේ අසම්මතයක් නම් ඒවා මිනිස්සු අතරට යන්නේ පහසුවෙන්.

ලෙඩවෙලා වැටිලා අසරන වෙලා ඉන්න මිනිහා හෝ ගැහැනියගේ ලඟ ඉඳන් සියළුම ආවතේව කරලා , කැත කුණු සෝදන්, කවන පොවන, බේත්හේත් කරන කසාද මිනිහා හරි ගැහැනියට වඩා යන්තම කෙටි පනිවිඩයකින් සුවදුක් විචාරන අනියම් ගැහැනිය හෝ පිරිමියාගේ වචන වලට ලෙඩ වෙච්ච ශරීරයට අළුත් පනක් ගේන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක කාටවත් පැහැදිලි කරන්න පුළුවන්ද මන්දා.

සම්මතය තුල මියයමින් ජීවත් වෙන ගැහැනු මිනිස්සු අසම්මතය තුල හුස්ම ගන්නේ අළුත් ජීවිතයක බලාපොරොත්තු එක්ක මේක හරිම පුදුම ලෝකයක්.....

3 comments:

  1. මමනම් කොහොමටවත් කැමති නෑ කර්තකොළොම්බන් තියෙද්දි කොහු අඹ කන්න. හැබැයි අල්ලපු වත්තෙ කොහු අඹ ගහට පොළු ගහල කොහු අඹ බිම දාන එකනම් විනෝදයක්. කොහු අඹනෙ. ඒත් හොඳ අඹ ගස් වලට එහෙම කරන්න හිතෙන්නැහැ. ඒ මොකද මන්දා..

    ReplyDelete
  2. සම්පූර්ණ ඇත්ත. ඒකෙ තියෙන අමුතුම හැඟීමට තමයි අසම්මතේමටම ඇදිල යන්නෙ. අවසානය එළියක් නැහැ කියල දැන දැනත්, කොහෙන් අවසන් වෙයි ද කියල හිතන්නෙවත් නැතුවවත් අගාධයට පනින්න දෙගොල්ලම කැමතියි.

    ReplyDelete
  3. අසම්මතය විදිහට සම්මත වෙච්ච දෙයක් තියෙන විට සම්මතය ඒ විදිහට පවත්වාගෙන යාම සම්මතය තුල සිටින්න උන් හට තමාගේ අගය අසම්මතයෙන් වෙන් කර දැක්විය හැකි නි‍යැදියක්.සම්මතය තුල පැවතීමට උත්සාහ දැරීමත් අසම්මතයේ අවලස්සන හුවා දක්වමින් තමන් උසස් බව දැක්වීමට යාම එහිම තවත් පැතිකඩක්.නමුත් සම්මතය හෝ අසම්මතය එක් වරක එක් දෙයක් නැති විටක අනෙක් දෙයෙහි අගය හෝ දුර්වල බව පවතින්නන් ගේ තෝ තැන්න වෙනවා ..

    අදහස් දක්වන්න සම්මත ද දන්නෙ නෑ මට???

    ReplyDelete