Monday 9 August 2010

ලියවිල්ල සහ ලියන්නා

ඔය පහුගිය කාලේ පාසැල් වල සාහිත්‍ය කියන විෂය උගන්නන එක නවත්තන්න යනවා කියලා ලොකු කතාබහක් ගියා සාහිත්‍ය ඉගෙන නොගෙන හැදෙන ලමයි නරක් වෙනවා කියන නිසා. එහෙම බැලුවම් සාහිත්‍ය කාරයෝ කියන්නේ හරිම හොඳ මිනිස්සු වෙන්න එපායෑ. මොන තරම් ගල් බේගලයක් ද ඒක. ඉස්සරහට එන සාහිත්‍ය මාසේ තියෙන සම්මාන උළෙලවල් වලින් පස්සේ බලන්න පුළුවන් ඔය සමහර සාහිත්‍ය කාරයන්ගේ තියෙන ගුණ යහපත් කම්.

හැමදාම වගේ සාහිත්‍ය සම්මන උළෙලෙන් පසු දකින්නට ලැබෙන ඊලඟ අංගය වන්නේ සම්මනයට පාත්‍රවූ නිර්මාණ සහ එම නිරමාණකරුවන් පතුරු ගැසීමයි. එයත් සිදු කරනු ලබන්නේ බජාර් එකේ චන්ඩි නොව එවන් සමහර සංවේදී නිර්මාණ කරුවන් විසින්ම වීම සමහර සාහිත්‍ය කරුවන් යනු නරුමයන් පිරිසක්ම බව කියැවෙන  සාධකයකි.

සිනමා, සංගීත, පොත්, පත්තර, නාට්‍ය වගේ ක්ෂේත්‍රව වල තරම් අනික් අයට අන්චි අදින කපා කොටා ගන්න ඉරිසියා කරන පිරිසක් තවත් නැතුව ඇති. සමහර විට නගරේ තියෙන පැල්පත් වාසීන් පවා මීට වඩා සහයෝගයෙන් ඉන්න බව අපිට නම් දකින්න පුළුවන්. තමන්ට වඩා අනිකා කොයියම් ක්‍රමයකින් හරි ඉහලට යනවනම් ඔය සංවේදී නිර්මාණ කරනයේ යෙදෙන සමහර අය බලන්නේ ඒ කෙනාව කොහොමත් බිමට වට්ටලා පාගලා ආයි ජීවිතේට නැගිටින්න බැරි තත්වෙට පත්කරන්නේ කොහොමද කියලා.

ගෝත්‍රිකයන් යනු සමාජයේ ජීවත් වන ශිෂ්ඨ මිනිසුන් තරම් දියුණු නොවූ පිරිසකි, සමහර සාහිත්‍ය කරුවන්ද එවැනිම මිලේච්ඡයන් පිරිසකි. තමන්ගේ ගෝත්‍රයේ උන්ට හුරේ දමන අතරම අනික් ගෝත්‍රිකයන් රාත්‍රී අහාරය සඳහා සුදානම් කරගනී. තමන්ගේ මිලේච්ඡ ක්‍රියාව වසා ගැනීම සඳහා, විචාරයක් හෝ දැනුවත් කිරීමක් හෝ යනුවෙන් බෝඩ් ලෑල්ලක් ද මොවුන් විසින් ගසාගනී.

මන් නම් කියන්නේ ලියවිල්ල සුන්දර වෙන්න වෙන්න ලියන්නා නරුමයෙක් වෙනවා කියලා. මේක ඉතින් 100% හැමෝටම හරියන්නේ නැතුව ඇති ඒත් බහුතරය මෙහෙම වෙන්න ඕනේ. සමහර විට නිරමාණ රසවිඳින පුද්ගලයන් හොඳ වෙනවා ඇති ඒත් නිර්මාණ කරන සමහර අය නම් දවසින් දවස පහලට යන එක වෙනවා ඇත්තේ.

ප්‍රවේසම් වන්න නිරමාණ තරම් සමහර නිරමාණ කරුවන් සුන්දර නැත!!!

1 comment:

  1. "සිනමා, සංගීත, පොත්, පත්තර, නාට්‍ය වගේ ක්ෂේත්‍රව වල තරම් අනික් අයට අන්චි අදින කපා කොටා ගන්න ඉරිසියා කරන පිරිසක් තවත් නැතුව ඇති. "
    මේකනම් ඇත්ත. ඕකට තව බ්ලොග්කරණයත් අලුතින් එකතුවෙන්නෝනි වගේ :-D

    ReplyDelete