Saturday 14 August 2010

ඇයි කෙල්ලන්ට විතරක්

ලියන්න හිතුනේ, ඉස්කොලේ වාර අවසාන දිනයක කාන්තා පාසැලක ලමුන් පිරිසක් නටමින් ඉන්න වීඩියෝ එකක් දැකලා. එකේ නටන්නේ කෙල්ලෝ එක නිසා ඒක චාටර් හැබැයි ඕකම කොල්ලෝ නැටුවනම් අන්න නියම සිරා පොරවල් ටිකක් වෙනවා. මීට කලින් ඔය වගේම වීඩියෝ එකක් දැක්කා ගෑනු ලමයි දෙන්නෙක් නටන ඒකත් චාටර් හැබැයි ඒකම කොල්ලො දෙන්නෙක් නැටුවනම්  ආන්න ෆුල් සිරා ඩාන්ස් එකක්. තව පින්තූරයක් තිබුනා ඉස්කොලේ යන ගෑනු ලමයි තුන් දෙනෙක්ගේ, ඒකට තිබ්බ ප්‍රතිචාර නැහැදිච්ච කෙල්ලෝ. අනේ  ඒකත් කොල්ලෝ තුන්දෙනෙක් උනා නම් ෂා නියම ෆොටෝ එක ෆුල් සිරා පොරවල් තුනක්.

මොකද මේ කෙල්ලන්ට විතර. ඇයි කෙල්ලෝ කලාම චාටර් එකම කොල්ලෝ කලාම සිරා වෙන්නේ.

කෙල්ලෙක් කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක යාළු උනොත් ඒකි බඩුව. ඒත් කොල්ලෙක් එහෙම කලාම ඌ සිරා පොර වෙනවා. ගෑනියෙක් මිනිස්සු දෙතුන් දෙනෙක් එක්ක ගියාම එකි වල් ගෑනි හැබැයි එහෙම යන මිනිහා වැඩ කාරයෙක්. මිනිහෙක් තමන්ගේ ගෑනි ඉන්නකොට වෙන ගෑනියෙක් එක්ක ගියොත් ඒක ගෑනිගේ වැරැද්ද. ගෑනියෙක් එහෙම ගියොත් ඒ ගෑනිගේ වල් කම.

වල් කියන වචනේ ස්ත්‍රීලිංගික විශේෂණ පදයක්ද?

කුණු හරප ගත්තත් ගොඩක් ඒවා ස්ත්‍රී ලිංගිකයි ඒවාට පුරුෂ ලිංගික පද නැති තරම්. ඕකට නම් මට කෙනෙක් කිව්වේ ඒ වචන හදලා තියෙන්නේ පිරිමි නිසා කියලා. ඒක ගැන නම් මන් දන්නේ නැහැ මොකෝ මන් ඉපදෙනකොටත් ඔය වචන තිබ්බ නිසා.

මිනිස්සු ගොඩක් එක්ක යන ගෑනිට "වේසි" කිව්වට ගෑනු ගොඩක් එක්ක යන මිනිහට කියන්න අපහාසාත්මක වචනයක් මන් අහලා නැහැ. ඒ වගේම මිනිස්සුන්ට ඇඟ විකුනන ගෑනි "ගණිකාව" උනාට ඒ රස්සවම කරන මිනිස්සුන්ට කියන්න "ගණිකාව"ට පුරුෂ ලිංගික පදයක් නැහැ.

ලංකාවේ නීතියත් ඔය වගේ. ගෑනියෙක් තනියම රෑ වෙලා පාරේ හිටියොත් අල්ලන් යනවා අයාලේ ගියා කියලා. හැබැයි පිරිමි රෑ එළි වෙනකම් පාරේ හිටියත් අයාලේ යන්නේ නැහැ. ඇයි අර ගෑනි ඔය යාලේ යන්නේ තනියමද? එතකොට කෝ පිරිමියා. මන් අහලා තියෙන විදිහට ගණිකා මඩම් වලදිත් අල්ලන් යන්නේ එතන ඉන්න ගෑනු ටික විතරයි ඒත් ඒ ගෑනුන්ව ගණිකාවන් කරපු පිරිමි නිදහස් (මේක නම් හරියටම මට ෂුවර් නැහැ )

කාලතුරකින් ඇරෙන්න ගෑනියෙක් වල් වෙන්නේ වේසියෙක් වෙන්නේ එහෙමත් නැත්නම් ගණිකාවක් වෙන්නේ පිරිමි නිසාම තමයි එහෙම පිරිමි නිසා ඒ තත්වෙට පත්වෙන ගෑනුන්ට පිරිමි අපහාස කරන්නේ හරියට "අනේ අපි නම් ඕවට නැහැ වගේ"

"කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ."

7 comments:

  1. හොඳ පෝස්ට් එකක් මරණේ

    ReplyDelete
  2. ඉතා හොඳ ලිපියක්.
    ඉතා හොඳ වෙන්නෙ මේ වගේ තේමාවක් ගැන පිරිමියෙක්ම ලියපු නිසා

    ReplyDelete
  3. 100% ක් ම ඇත්ත. මම තව පොඩ්ඩක් ඇඩ් කරන්නම්, මම ළඟකදි දැනගත්ත කාන්තාවක සතුව කොන්ඩම් එකක් තිබ්බත් නීතියට අනුව වරදක් බව. අපි පොඩි ප්‍රොජෙක්ට් එකක් කලා ඒඩ්ස් ගැන. ඒකෙදි තමයි මේක දැනගත්තෙ.

    ReplyDelete
  4. අනේ කාට කියන්නද ? ඇයි බස් එකේදි කොල්ලො ජැක් ගහද්දි කෙල්ල ලැජ්ජාවට ඉවසන් ඉන්නවනම්, ඒකි බඩුව ?

    මෙවා කියලා වැඩක් නැ බන්...!! කාලකන්නි හදන්න බැ.

    ReplyDelete
  5. ඇත්ත...

    ඒත් මොනවා කියලා කරන්නද?...

    ReplyDelete
  6. " මම ළඟකදි දැනගත්ත කාන්තාවක සතුව කොන්ඩම් එකක් තිබ්බත් නීතියට අනුව වරදක් බව. "


    WHAT THE FUCK?

    මෙහෙම කිව්වට සමා වෙන්න. ඒත් මොන රෙද්දක් ඇඳල‍ා හදාපු නිතීයක්ද මේ? -_-

    ReplyDelete