Saturday 5 March 2011

අපි දිනුම්


1996 ලංකාවේ කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය දින්නා. ඕක දින්න කියලා අපිට මොනාද ලැබුනේ. සෙල්ලම් කරපු ක්‍රීඩකයන්ට සල්ලි ලැබුනා සමහර අයට වාහන ලැබුනා. හැබැයි ඒ ලැබුන දේවල් සේරම ලැබුනේ ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමට සහ ඒ ආශ්‍රිතව කටයුතු කරන අයට. රටට මොනාද ලැබුනේ කීර්තියක් ලැබුනා වගේ දේවල් කියයි. සමහර විට මන් නොදැනුවත්ම ලැබුන දේවල් ඇති ඒත් හැබෑටම අපිට මොනාද ලැබුනේ . සමහර විට මාසේ අන්තිමට වෙනදට වඩා වැඩි ලයිට් බිලක් ඒ ඇරුනම වෙන මොනා ලැබුන්ද මන් දන්නේ නැහැ.

බොන එක ගැන සමහරු අහනවා බීලා ලැබෙන්නේ මොනාද කියලා. බොන අය කියන්නේ බිව්වම ජොලි කියලා. එතකොට නොබොන කෙනෙක් කියනවා බීමේ ආදීනව ගැන, තේරුමක් නැති එක ගැන. වෙන හානි ගැන. එතකොට අපි බොන එකෙන් රටට ලැබෙන දේවල්. බොන අය කියන්වා විශාල වශයෙන් බදු ආදායමක් ලැබෙනවා කියලා. නොබොන අය කියන්නේ ඒ සල්ලි බොන අයගේ ලෙඩ හොඳ කරනන් වැය වෙනවා කියලා.

මේ පාර ක්‍රිකට් ලෝක කුසලානය කියන එක වෙනදට වඩා ගොඩක් විකිනෙන දෙයක්. රේඩියෝ ටීවී පත්තර වගේ ජනමාධ්‍ය වලට මේක සල්ලි උල්පතක් වෙලා. ක්‍රිකට් ගහන අයට කොහොමත් සල්ලි ලැබෙනවනේ. ඒ ඇරුනම පත්තර වල පිටු පුරෝලා ටීවී ගැන දැන්වීම් වලින්. ලක්ෂ ගනන් ටීවී, ගෙවන්නත් ගන්න පුළුවන්.

හැබෑටම ඔය ක්‍රිකට් මැච් බැලිල්ලෙන් අපිට මොනාද ලැබෙන්නේ. සමහර විට වැඩිපුර ලයිට් බිලක්, ගෙවන්න ටිවී ගත්තා නම් ඊලඟ වල්ඩ් කප් එක වෙනකන් ගෙව ගෙවා ඉන්න බිලක්, තව ටීවී චැනල් එකත් සල්ලි වලට ගත්තා නම් ඒකටත් බිල. ඕවා ඇරුනම වෙන මොකුත් ලැබිලා තියේද කියලා නම් මන් දන්නේ නැහැ

අරක්කු බීම් සහ ක්‍රිකට් සසඳන්න නෙමෙයි හැදුවේ වෙන දෙයක් කියන්න.

ඡායාරූපය මෙතනින්

5 comments:

  1. මැච් බලනවා කියන්නේ මම විනෝදෙට කරන දෙයක්. ඔය විදිහට බැලුවොත් අපි විනෝදට කරන හැම දෙයක්ම් තේරුමක් නැති වැඩ වෙනවා. කවුරු හරි විනෝදට කරන්නේ පොටෝ ගන්න එක. ඉතින් ඔය විදිහට බැලුවොත් ඒක කිසිම තේරුමක් නෑ. කැමරා එකක් ගන්න ඒක නඩත්තු කරන්න සල්ලි යනවා. මම නම් හිතන්නේ විනෝදයක් ලබන්න කරන දේවල් ගැන ඔය විදිහට හිතන්න හොඳ නෑ. තව කෙනෙක්ගේ විනෝදාංශයක් වැඩකට නෑ කියලා අපිට හිතෙන්නේ අපි ඒ දේට අකමැතිනම්.
    දවසක් එකෙක් මගෙන් ඇහුවා ඔය බ්ලොග් ලිව්වා කියලා ඔයාට මොනවද ලැබෙන්නේ කියලා :D

    ReplyDelete
  2. පූසා ඔය විනෝදාංශයෙනම් උඹට මැච්න් එක පැරදුනාම ලැබෙන්නේ මොකද්ද? අපි මේපාර ලෝක කුසලානයෙන් පළවෙනි වටයෙන්ම එළියට විසි උනොත් මොකක් දැනෙයිද.
    අනික් විනෝදාංශ ගත්තම අපිට එවා හරහා එහෙම වෙනස් දේවල් දැනෙනවද?
    බ්ලොග් ලියන එකෙන් සතුටක් ලැබෙනවා අපි කාටවත් විකිනෙනවද ඔච්චර?

    මන් කියන්නේ පිරිසක් ක්‍රිකට් වලින් හොඳට සල්ලි හම්බ කරගනන්වා බහුතරයක් තියෙන දේයත් නැති කරගන්නවා.
    ක්‍රිකට් කියන්නේ එක්තරා සූදුවක්. සූදුවක් විනෝදාංශයක් කරගන්න හොඳද කියලා මන් දන්නේ නැහැ

    ReplyDelete
  3. පිස්සු පිකුදු. ලංකාවෙ ඉන්න පිස්සු බුතයො ටිවි ඉස්සරහා පැය ගානක් කාලෙ කනවා මෙ වැඩෙ හින්දා... මගෙ තියරිය... ගන්න ආතල් එකක් ගන්න ,ගන්න විනාශයක් තමන්ගෙ ඇගට සිතට සම්පුර්ණයෙන්ම ගන්න ඔනා කියන එක. මම ආස පොඩි වෙලාවක් ලොකු මහන්සියක් වෙලා.. දාඩිය ටිකක් ඉක්මනට දාගෙන ටක් ගාලා ගෙදර යන වැඩ වලට... මිසක් ක්‍රිකට් වගෙ පජාත ගෙම් වලට නෙමෙ...
    ෆුට් බොල් මැච් එකක් බලන්න ගියත් දාඩිය දානවා නෙ.... :D

    ReplyDelete
  4. බ්ලොග් ලියන එකෙන් සතුටක් දැනෙනවා ඒ වගේම අපේ සමහර පෝස්ට් වලට සමහර උන් කුණුහරුපෙන් බැනලා කමෙන්ට් කරනවා. මැච් පැරදුනාම වගේම තමයි එතකොටත්. හිතට දුකයි. ඒ වගේ දේවල් නිසා බලන්න ජනනි අක්කා බ්ලොග් ලියන එක නවත්තනවා කිව්වා. වත් අක්කත් කාලයක් මුකුත් නොලියා හිටියා.
    මැච් පැරදුනාම හිත රිදෙනවා වගේම බ්ලොග් ලියන කොට අර වගේ දෙයක් වුනාමත් හිත රිදනවා.
    මැච් එක දිනුවාම හිතට සතුටුයි වගේම බ්ලොග් පෝස්ට් එකකට ප්‍රශංසා කරලා කවුරුහරි කමෙන්ට් කළාමත් හිතට සතුටුයි.
    මැච් වලින් වගේම බ්ලොග් වලිනුත් සල්ලි හම්බ කරන්නම බලන උන් ඉන්නවා. මම නම් මැච් බලන එකයි බ්ලොග් ලියන එකයි දෙකම කරන්නේ විනෝදාංශයක් විදිහට. මම කවදාවත් ඒ දෙකෙන් සල්ලි හොයන්න උත්සාහ කරන්නේ නෑ. එතකොට ඒක විනෝදාංශයක් නෙමෙයි.

    ReplyDelete
  5. බන් යකො ක්‍රිඩාවක ජය පැරදුම තියෙන්වනේ. එකනේ එවට එහෙම කියන්නේ. පුසා ෆිට් තමා. ක්‍රිකට් බලන උන් බලයි. උබල අකමැතිනම් නොබල ඉදහන්කො. මත් ටිකට් 4ක් ගත්තා. එල නේ. උබල ඔය කැ ගහන්නේ උබලට ටිකට් ගන්න බැරි උන නිසා නේ. අනේ බන්. අන් සතුටට ඊරිසියා නොකරහන්

    ReplyDelete