Saturday 12 March 2011

අළුත් සල්ලි


මේ දවස් වල ආපහු අලුතින් සල්ලි කොළ ගහලා 1000 විතරක් නෙමෙයි 2000 කොලේ වෙනුවට 5000 කොළේකුත් ගහලා. මන් නම් තාම 5000 කොළයක් ඇහැට දැක්කේ නැහැ. ලොකු කොළ ගැහුවා වගේ නෙමෙයි ඉතින් ඕවා මාරු කරගන්න ගියාම තමා වැඩේ. දැනුත් 1000ක් 2000ක් මාරු කරගන්නේ බොහොම අමාරුවෙන් ඉතින් 5000ක් ගැන මොන කතාද. ෂෙඩ් එකයි බාර් එකයි විතරයි තියෙන්නේ ඕක මාරු කරගන්න ඒත් 5000ක් නිසා ඒ දෙකෙනුත් ඕක මාරු කරගන්න ලේසි වෙන එකක් නැහැ.

අළුතින් සල්ලි , කාසි ගැහුවම හැමෝම ආසයි ඔය අළුත් සල්ලි තියා ගන්න. අළුත්ම අළුත් නේ. මුලදි වැඩිය දකින්නත් නැහැ . ඉඳලා හිටලා තමයි හම්බ වෙන්නේත්. ඒ කාලේට අර පරණ සල්ලි කොළ ගැන එච්චර තැකීමක් නැහැ. අළුත් කොල තියාගෙන පුළුවන් තරම් පරණ කොළ තමා වියදම් කරන්නේ. ඒත් ටික දවසක් ගියාම අළුත් කොළත් පරණ වෙනවා.

හැමතැනම අළුත් සල්ලි තියෙන්න ගත්තාම ඒවා ගැන තිබ්බ උනන්දුව අඩු වෙනවා. අළුත් සල්ලිත් පරණ වෙනවා . ඔන්න ඔයා කාලෙට අර පරණ සල්ලි කොළයක් හම්බ උනාම හරි වටිනවා. ඒවා පරිස්සම් කරනවා. හොයන්වා. පරිස්සමට තියා ගන්නවා. එතකොට අළුත් කොළ ගැන මුලදි තිබ්බ තරම් උන්නන්දුවක් නැහැ. පරණ සල්ලි තමා වටින්නේ. ඔය හැම කොලේකම අගේ නම් ඒකයි කාලෙන් කාලෙට වෙනස් විදිහට සැලකුවට

අපේ ජීවිත වල සමහර පුද්ගල සම්බඳාතාත් මේ වගෙද මන්දා, එච්චරයි මට හිතුනේ නම්.

ඡායාරූපය මෙතනින්

5 comments:

  1. 500 කොලයක් දැක්කේ නෑ කියලා දැම්මට උඹ මේ ෆොටෝ එකක් දාලා තියෙන්නේ... එක දැක්කෙත් නැද්ද... :D

    ReplyDelete
  2. ජීවිතේ එහෙම කරගන්න එපා බොල. පරණ කෙනාව අමතක කරලා අලුත් කෙනාව පරිස්සම් කරන්න එපා :D

    ReplyDelete
  3. සෝරෝ හැබැහින් දැක්කේ නැහැ බන් තාම ෆොටෝ නම් දක්කා :-)

    පූසා මුලදි අළුත් කෙනා පරිස්සම් කලාට පස්සේ පරණ කෙනාගේ අගේ තේරෙනවා බන්

    ReplyDelete
  4. මටත් කඩේකින් අලුත් 100 නෝට්ටුවක්නම් ලැබුණා. අලුත් 1000 නෝට්ටුවක්නම් අයිය පෙන්නුවා. එච්චරයි මං අලුත් නෝට්ටු වලින් මෙච්චර දවස් දැකල තිබ්බෙ. බොහොම ස්තූතියි මරණෙ අලුත් නෝට්ටු වල පිංතූරයක් දැම්මට :-D

    අර අලුත් 100 නෝට්ටුව මං ගොඩාක් දවස් පරිස්සම් කරගන්න උත්සාහ ගත්ත. අන්තිමේ සතයක්වත් නැතිව ගිය වෙලාවක වියදම් කරන්න වුණා :-)

    හැබැයි ලොකු දේවල් වලට වඩා පොඩි දේවල් පරිස්සම් කරගන්න ලේසියි. නෝට්ටු වියදම් වුණාට අලුත් කාසිනම් ලෝබ නැතිව පරිස්සම් කරන්න පුළුවන්. ඒක නිසා ඉස්සර තඹ සත එහෙමත් තාමත් අපේ ගෙදර කීපයක් තිබුණ.

    ReplyDelete
  5. "අපේ ජීවිත වල සමහර පුද්ගල සම්බඳාතාත් මේ වගෙද මන්දා,"

    හ්ම්ම්ම්... ඒක සැබැයි..

    ReplyDelete